මිහින් ලංකා අහෝසි වෙයි

පසුගිය රජය සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම ලබන 30 වන දා සිට තමන් යටතට පවරා ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසයි. ශ්‍රී ලංකන් ගුව...

පසුගිය රජය සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම ලබන 30 වන දා සිට තමන් යටතට පවරා ගන්නා බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක, දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ලබන 30 වනදා සිට මිහින් ලංකා සමාගම ක්‍රියාත්මක නොවන බව ය.

මිහින් ලංකා ගුවන් සමාගම යටතේ ක්‍රියාත්මක ගුවන් ගමන් තම සමාගම යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මිහින් ලංකා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකාබද්ධව මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරන අතර මේ මස 30 වන දිනෙන් පසු මිහින් ලංකා ගුවන් සමාගම එම මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමට නියමිතය.

මිහින් ලංකා ගුවන් සමාගම සතුව ගුවන් යානා දෙකක් ඇති අතර එම ගුවන් යානා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැවරීමට කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ කාර්යක්ෂතාව උදෙසා මෙන්ම පිරිවැය කප්පාදුව සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. 

ඉන්දියාව, මැදපෙරදිග, සීෂෙල්ස් යන රටවල්වලට මිහින් ලංකා ගුවන් සේවය ක්‍රියාත්මක වූ අතර එය දිගින් දිගටම අලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබුණේය.

එම ගුවන් සේවය දෛනිකව විශාල පාඩුවක් ලබන බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය කාලයේදී දිගින් දිගටම ප්‍රකාශ කර තිබිණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6079502669074654679

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item