මෙහෙම බදු ගහන්න හොද නෑ - සිගරැට් තහනම් කිරීම ඊට වඩා හොදයි - මුදල් ඇමති ජනපති මතගැටුම්

මෙරට වෙළදපල තුල දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමූ බව මුදල් අැමති රවී කරුණානායක කියයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට එය ක‍්‍රියාත්මක බව කො...

මෙරට වෙළදපල තුල දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමූ බව මුදල් අැමති රවී කරුණානායක කියයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට එය ක‍්‍රියාත්මක බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය.

මේ අතර පසුගියදා මෙරටට හදිසියේ පැමිණි ජාත්‍යන්තර දුම්කොළ සමාගම් ප‍්‍රධානියා රජයේ දේශපාලන සහ සෞඛ්‍ය බලධරයන් ගණනාවක් රහසේ හමුවී සාකච්ඡ කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චෝදනා කරයි.

ජනාධිපතිවරයා මෙම චෝදනාව කර ඇත්තේ සිගරැට් සදහා බදු වැඩිකළ යුතු බවට ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡවට ගත් අවස්ථාවේදීය.

මුදල් ඇමති රවි කරැණානායක පවසා ඇත්තේ අධික බදු පැනවීමට වඩා මෙරට දුම්පානය තහනම් කිරීම වඩාත් හොද බවයි.

ඊට ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ සිගරැුට් නිෂ්පාදන සමාගම්වලට කුමක් සිදුවුවත් තමාගේත් රජයේත් අරමුණ දුම්පානයෙන් ජනතාව බේරාගැනීම බවයි.

සිගරැට් බදු ඉහළ දැමීමට විරැද්ද අය ගැන තමන් හොදින් දන්නා බවද පවසා ඇති ජනාධිපති සිරිසේන ලෝක දුම්කොළ සමාගමේ ප‍්‍රධානියා රහසේ හමුවූවන් ගැනද තමන් දන්නේ යැයිද කියා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2210777703163580518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item