දයාසිරි ජයසේකර ගේ සොහොයුරු ජීවිතක්ෂයට

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර ඊයේ (13දා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අ...


ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර ඊයේ (13දා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.


දේහය නො.17/2, මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය කියයි. දේහය පිළිබඳ වසන් කටයුතු හෙට (15දා) ප.ව.4.00 ට මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. පුෂ්පකුමාර ජයසේකර දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි. ඔහු මිය යන විට 60 වියේ පසු විය.

ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් රූපකුමාර ජයසේකර, ඕමානයේ සේවය කරන කීර්ති කුමාර ජයසේකර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවය කරන දිනසිරි සිසිර කුමාර ජයසේකර, කුරුණැගල පදිංචි උපගුරු ශ්‍රියානි කුමාරි ජයසේකර, කැනඩාවේ පදිංචි ජනප්‍රිය ගායන ශිල්පී කිත්සිරි ජයසේකර හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර යන අයගේ වැඩිමහල් සොහොයුරා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1751731532609119105

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item