'ජනපති එක්ක රහස් ගිවිසුම් නැහැ' - මෛත්‍රීගේ ප්‍රකාශයට ගෝඨාගේ සතුට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සත්‍යය අවබෝධවීම ගැන තමා සතුටුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සත්‍යය අවබෝධවීම ගැන තමා සතුටුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින අතරතුරදී බීබීසී සංදේශය සමඟ විශේෂ සංවාදයකට එක් වෙමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්‍ෂවරුන් අතර කිසිදු රහස් ගිවිසුමක් නොමැති බවත් නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට කැඳවීම පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට පෙර ජනාධිපතිවරයා තමා සමඟ සාකච්ඡා නොකළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 'මොනව උනත් වර්තමාන ජනාධිපතිතුමාට මේ සිද්ධීන් සම්බන්ධයෙන් සත්‍යය අවබෝධවීම ගැන මම සන්තෝෂ වෙනව. මම හිතනවා ඒ ආකාරයෙන්ම එතුමා ක්‍රියාවෙනුත් සෘජුවම ක්‍රියා කරයි කියල, මම විශ්වාස කරනවා, මේ විවිධ න්‍යාය පත්‍රවලට වැඩ කරන අයගේ බලපෑම්වලට යටත් නොවී.' 

'අපි අවුරුදු දෙකක් තිස්සේ පැහැදිලිවම පෙන්නුම් කරලා දුන්න විවිධ ආයතන මගින් කරන මේ පරීක්ෂණ දේශපාලන න්‍යාය පත්‍රයක් මතම කරනවා කියල. දැන් ජනාධිපතිතුමාම මේ කාරණය පැහැදිලි කරලා දෙනවා ඒ ආකාරයෙන්ම.' හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා පුද්ගලික සමාගමකට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට නඩු පවරා තිබේ.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ 2012 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ඇවන්ගාඩ් පුද්ගලික සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බවයි.

ඇවන්ගාඩ් සමාගමට සම්බන්ධ නඩුවට නාවික හමුදාපතිවරුන් අධිකරණයට කැඳවන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසු එම සමාගමේ උපදේශකයන්වීම හේතුවෙන් මිස ඔවුන් නාවික හමුදාපති ධුරයේ නිරතවූ රාජකාරි සඳහා නොවන බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1941268729096204447

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item