අනුන්ගේ වැරදි සොයන්නට පෙර යහපාලන රජයේ උදවිය නිවැරදි විය යුතුයි හෙළ උරුමය හිටපු නායක ඕමල්පේ සෝභිත හිමි

අනුන්ගේ වැරදි සොයන්නට සහ චෝදනා කරන්නට පෙර යහපාලන රජයේ උදවිය වංචා දූෂණවලින් තොරව නිවැරැදි විය යුතු බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕ...

අනුන්ගේ වැරදි සොයන්නට සහ චෝදනා කරන්නට පෙර යහපාලන රජයේ උදවිය වංචා දූෂණවලින් තොරව නිවැරැදි විය යුතු බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

යහපාලන ලොක්‌කන් වංචා දූෂණවලින් තොරව සිටිනවාදැයි යන ප්‍රශ්නය පැන නැඟී ඇති බව සඳහන් කළ උන්වහන්සේ "ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" යන බුදුවදන අනුව රජය කටයුතු කළ යුතු බවත් පැවසූහ.

අනුන්ට ඇඟිල්ල දිගු කරද්දී තමන් දෙසට ඇඟිලි තුනක්‌ දිගුවී ඇති බව සිහියේ තබා ගත යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ පෙරේදා (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ 07, නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5400914568167436435

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item