ජාතික ආරක්‌ෂාව සිවිල් සංවිධාන පාලනයට නතුවිය යුතුද?

යුද හමුදා බුද්ධි සේවා ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම ධුරයෙන් ඉවත්කරන ලෙස මෙරට සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් ලෙස හඳුන්වාගත් පිරිසක්‌...

යුද හමුදා බුද්ධි සේවා ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සලේ එම ධුරයෙන් ඉවත්කරන ලෙස මෙරට සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් ලෙස හඳුන්වාගත් පිරිසක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

මෙරට ඉතිහාසයේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රටේ ජාතික ආරක්‌ෂාවට සම්බන්ධ නිලධාරියකු ඉවත් කරන ලෙස ජනාධිපතිට යෝජනා කළ මුල් අවස්‌ථාව මෙයයි. මෙයට පෙර එවැන්නක්‌ සිදුවී නැත.

සුරේෂ් සලේ යනු එසේ මෙසේ හමුදා නිලධාරියකු නොවේ, ඔහු ජාත්‍යන්තර ඊළාම් ජාලයේ ක්‍රියාකාරකම් රැසක්‌ සොයාගැනීමට ක්‍රියාකළේය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන සමයේ ප්‍රංශ ඊළාම් ජාලය හා මෙරට කොටි සබඳතා රැසක්‌ ද කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී කස්‌ත්‍රො සහ ප්‍රංශ කොටි ඩයස්‌පෝරාව අතර සබඳතා සොයාගැනීමටද හෙතෙම ක්‍රියාකරනු ලැබීය. එහෙත් සිවිල් සංවිධාන යෑයි පවසන පිරිස්‌ මෙරට ජාතික ආරක්‌ෂාවටද අද මැදිහත් වී ඇත. එම පසුබිම මැද ඉතාමත් ළඟදීම මොවුන් මෙරටට ආරක්‌ෂක මණ්‌ඩලයක්‌ අවශ්‍ය නැති බවත්, ආරක්‌ෂක මණ්‌ඩලයේ කටයුතු අපිම කරගන්නම් යෑයි පවසනු නිසැකය.

වත්මන් ආරක්‌ෂක ලේකම් හා බුද්ධි ප්‍රධානියා ඉවත්කරන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කරන මොවුන් ප්‍රභාකරන් බෝම්බ පුපුරවමින් බිහිසුණු ක්‍රියා සිදුකරද්දී සිටියේ කොහේද?

වන්නි මෙහෙයුම නතර කිරීමට ඩොලර් අරමුදල් ලබන එන්. ජී. ඕ. සංවිධාන රැසක්‌ දැඩි උත්සාහයක යෙදී සිටියහ.

ජිනීවා මානව හිsමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය වාර්තා යෑවීවේ ද එන්. ජී. ඕ. සංවිධාන බව තහවුරු වී ඇත. 

මේ තත්ත්වය මත සිවිල් සංවිධාන මෙරට ජාතික ආරක්‌ෂාවට සෘජුව මැදිහත් වී ඇත.

මෙලෙස ඇමෙරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා හමුවට ගොස්‌ ඇමෙරිකානු සිවිල් සංවිධාන විසින් සිරියාවේ ගරිල්ලා සංවිධානවලට ආධාර කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින්නේද?

රුසියාවේ සිවිල් සංවිධාන ජනාධිපති වැලැඩ්මීර් පුටින් වෙත ගොස්‌ සිරියාවේ බෂීර් අසාද් රජයට සහය දැක්‌වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනු ඇතැයි කිවහැකි ද .

ඉන්දියාවේ සිවිල් සංවිධාන අගමැති මෝදි හමුවට ගොස්‌ ඉන්දු - කාෂ්මීරයේ ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ලකිරීම නතර කරන ලෙස ඉල්ලන්නේද?

එහෙත් මෙරට සිවිල් සංවිධාන රටේ සෑම ප්‍රශ්නයකටම අතදමා ඇත. මොවුන් ඉතාමත් ළඟදීම හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඉවත් කළ යුතු යෑයි කීවොත් පුදුමයක්‌ නොවේ.

එසේම ශ්‍රී ලංකාවට හමුදාවක්‌ අවශ්‍ය නොවන බව ඔවුන් පැවසුවත් ඒ ගැනද මවිතයට පත්විය යුතු නැත.

රටේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වීමට මේ සිවිල් සංවිධානවලට කිසිම හිමිකමක්‌ නැත. මොවුන් කවුරුන් දැයි සිතා ක්‍රියාකරන්නේද යන්න ජනතාවට දැන් අවබෝධ වී ඇත.

හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කළ යුතු යෑයි පැවසිමේ වාසිය හිමිවන්නේ ජාත්‍යන්තර ඊළාම් ඩයස්‌පෝරාවටය. එම ඉල්ලීම ශ්‍රවණය වූ විගස ඊළාම් ඩයස්‌පෝරාවේ පාර්ශ්ව අත්පොලසන් දී තිබේ.

යුරෝපයේ ඊළාම් වෙබ් අඩවි බ්‍රිගේඩියර් සුරේෂ් සලේ ඇද වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අවාසනාවන්ත තත්ත්වය ගැන විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන රජයේ බලධාරීන්ට දැනටමත් අනතුරු අඟවා තිබේ.

එහෙත් සිවිල් සංවිධාන රට පාලනය කරන්නේ තමන්ගේ යෑයි සිතා ක්‍රියාකරයි.

ඉන්දීය සිවිල් සංවිධාන එරට ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් මේ දක්‌වාම මැදිහත් වී නැත.

එම සංවිධාන අගමැති මෝදි හමුවට ගොස්‌ ජාතික ආරක්‌ෂක උපදේශක අජිත් ඩෙවොල් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා නැත.

එසේ වුවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් උපදෙස්‌ දීමට ද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉදිරිපත් වීම විශ්මය දනවන කරුණකි.

මෙයට පෙර සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලීමක්‌ කරමින් හිටපු දේශපාලනඥයකුගේ ගමන්මලු පරීක්‌ෂාවට ලක්‌කරන ලෙස ඉල්ලා සිටියේය.

එම පසුබිම මැද සිවිල් සංවිධාන මෙරට ඇතැම් මාධ්‍ය අපට එරෙහිව ලියනවා එම මාධ්‍ය තහනම් කරනු යෑයි ඉල්ලුවොත් පුදුම වියයුතු නැත.

මේ තත්ත්වය මත සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන ජනතාව බලාසිටී. තමන් ජනතාව නියෝජනය කරන බව සිවිල් සංවිධාන පැවසුවත් ඒවා කීපදෙනකුට පමණක්‌ සීමාවූවකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1798811541701657212

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item