මහ නාහිමි විරෝධය හමුවේ විහාර දේවාලගම් පනතේ විවාදය අවලංගු කරයි පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන්ද ඉවතට

මහා නායක හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ථෙරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් ක...

මහා නායක හිමිවරුන්ගේ බලවත් විරෝධය නිසා බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ ථෙරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අවලංගු කර එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමටද රජය ඊයේ (03 දා) තීරණය කර ඇත. 

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ මේ බව දැනුම් දී ඇත.

මෙම පනත් දෙක පිළිබඳ විවාදය අද (04 දා) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබූ අතර ඒ බව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන්ද දැනුම් දී තිබේ.

එහෙත් ඊයේ පැවැති පක්‌ෂ නායක රැස්‌වීමේදී විපක්‌ෂයේ සිටින එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම පනත නිසි සාකච්ඡාවකින් තොරව ගෙන එන බවට මහානායක හිමිවරුන් සිවු නමක්‌ පෙන්වාදී ඇති බවයි.

මෙම අවස්‌ථාවේදී ඇමැති චම්පික රණවක අදහස දක්‌වමින් අදාළ පනත මෙම අවස්‌ථාවේ පාර්ලිමේන්තුව හමුවට නොගෙන මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර පසුව ගෙන ආ යුතු බව පවසා තිබේ.

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ රජය වෙනුවෙන් අදහස්‌ දක්‌වමින් පවසා තිබෙන්නේ 1956 දී බුද්ධ ශාසන කොමිසම් පවා මෙම පනත් කෙටුම්පතේ කරුණු නිර්දේශ කර ඇති බවය. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය සහ චන්දිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පවා මෙම පනත ගෙන ආ යුතු බව පෙන්වා දී තිබෙන බව පක්‌ෂ නායක රැස්‌වීමේදී ප්‍රකාශ කළ ඇමැති විජයදාස රාජපක්‌ෂ පසුගිය රජය මෙම සංශෝධන පනත් කෙටුම්පත සඳහා කැබිනට්‌ අනුමැතිය පවා ලබා දී ඇති බවද සඳහන් කර ඇත.

රජයට මෙම පනත ගෙන ඒමට හදිසියක්‌ නොමැති බවත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස්‌ මත යළි මහානායක හිමිවරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ කර අදාළ පනත් නැවත ගෙන එනතුරු න්‍යාය පත්‍රයෙන් එය ඉවත් කර ගන්නා බවත් ඇමැති විජයදාස රාජපක්‌ෂ පක්‌ෂ නායක රැස්‌විමේදී දැනුම් දුන් බව ඊට එක්‌වූ පක්‌ෂ නායකයෙක්‌ පැවසුවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6557129957040035824

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item