ගෝඨා සහ කරු චීන හමුදා සමුළුවේ
චීනයේ බෙයිජින් නුවර පැවැත්වෙන 7 වැනි සියෑන්ශැන් හමුදා සමුළුවට ආරක්‌ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ එහි හිටපු ලේකම් ගෝඨාභය ...
http://www.sathhanda.com/2016/10/blog-post_42.html
චීනයේ බෙයිජින් නුවර පැවැත්වෙන 7 වැනි සියෑන්ශැන් හමුදා සමුළුවට ආරක්‌ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි සහ එහි හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ සහභාගි වෙති.
මෙම හමුදා සමුළුව ඊයේ (10 දා) ආරම්භ වූ අතර 12 දා අවසන් වේ.
රටවල් 60 කින් හමුදා ප්‍රධානිහු 100 කට අධික පිරිසක් මෙම ජගත් හමුදා සමුළුවට සහභාගි වෙති.
අග්නිදිග ආසියාවේ ආරක්‍ෂක සහයෝගිතාවය වර්ධනය කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම මෙම සමුළුවේ අරමුණ වී ඇත.
ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුම සඳහා යුද අවි සැපයූ ප්‍රධානතම රට චීනයයි. මේ නිසා චීනය ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානය යොමුකර තිබේ.
Related