වළෙන් ගොඩඑන ලසන්ත ඝාතන අබිරහස - චන්ද්‍රිකා ලසන්තට එරෙහිව දැමු නඩුවෙන් ලසන්තට අවුරුදු දෙකක හිර දඩුවමක්
ලසන්ත වික්‍රමතුංගගේ ජීවිතයේ හැරවුම් ලCෂ්‍යය ඔහු කර්තෘත්වය දැරූ The Sunday Leader පුවත්පතයි. ඒ පුවත්පත ආරම්භ කිරීම පිටුපස සිටියේ නැසීගිය ම...
http://www.sathhanda.com/2016/10/blog-post_479.html
ලසන්ත වික්‍රමතුංගගේ ජීවිතයේ හැරවුම් ලCෂ්‍යය ඔහු කර්තෘත්වය දැරූ The Sunday Leader පුවත්පතයි. ඒ පුවත්පත ආරම්භ කිරීම පිටුපස සිටියේ නැසීගිය මහවැලි ඇමැති ගාමිණී දිසානායක ය.
එක්‌දහස් නවසිය අසූ ගණන්වල මුලදී ඡේ. ආර්. ජයවර්ධන තමාගෙන් පසු ජනාධිපති කරවනු පිණිස තරුණ දේශපාලනඥයන් දෙදෙනකු හදා වඩා ගත්තේය. ඉන් පළමු වැන්නා ලලිත් ඇතුලත්මුදලි ය. දෙවැන්නා ගාමිණී දිසානායක ය. මේ ලැයිස්‌තුවෙහි පළාතකවත් ආර්. ප්‍රේමදාස සිටියේ නැත. ලලිත් සහ ගාමිණී යන දෙදෙනාම නීතිඥයෝ වූහ. ලලිත් පහතරට අගලවත්තෙන් පැමිණි ධනපති පාන්තිකයකු වූ අතර ගාමිණී නුවරින් පැමිණි ධනපති පාන්තිකයෙක් විය. නීතිඥයකු නොවූ, ප්‍රභූවරයකු නොවූ ධනපතියකුද නොවූ ප්‍රේමදාස පැමිණ සිටියේ කොළඹ නාගරිකයේ පහළ පන්තියකිනි. තම නිල කාලයෙන් පසු ජනාධිපති ධුරයේ අපේක්‍ෂකත්වය නොසිතූ පරිදි ආර්. ප්‍රේමදාසට දීමට ඡේ. ආර්. ජයවර්ධනට සිදු වූ නිසා ඊළඟ ජනාධිපති වීමේ සිහිනය කල් තැබීමට ලලිත්ට මෙන්ම ගාමිණීට ද සිදු විය. 1992 දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ගෙනා දෝෂාභියෝගය පිටුපස ලලිත් හා ගාමිණී යන දෙදෙනාම වූහ. අන්තිමට දෙදෙනාටම එ. ජා. පක්‍ෂයෙන් එළියට බහින්නට සිදු විය. 1993 අප්‍රියෙල් මාසයේදී ලලිත් ඝාතනය විය. 1994 මැයි 1 වැනිදා ජනාධිපති ප්‍රේමදාස ඝාතනය විය. එම අවුරුද්දේම චJද්‍රිකා කුමාරණතුංගගේ ආණ්‌ඩුව බලයට පත් විය. ඒ අතර ඒ වන විට නැවත වරක් එජාපයට එක්‌ව සිටි ගාමිණී දිසානායක තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී චJද්‍රිකාගේ ප්‍රතිවාදියා ලෙස තරග කිරීමට සූදානම් විය.
දේශපාලනඥයකුට ජනමාධ්‍ය ඉතා වටී. ලසන්ත වික්‍රමතුංග, ගාමිණී දිසානායකට හමුවන්නේ පත්තර කන්තෝරුවක් පිළිබඳ කල්පනා කරමින් සිටි අවස්‌ථාවකය. ඒ අනුව ලසන්ත ද ඔහුගේ සහෝදරයා වූ ලාල් වික්‍රමතුංග ද ගාමිණී දිසානායක ද සාකච්ඡාවක් පැවැත්වූහ. එතැනදී මෙසේ තීරණය විය. පුවත්පත මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය ගාමිණී දිසානායක විසින් සපයනු ලැබේ. යන්ත්‍රය සවිකිරීම සඳහා වූ කොළඹ කිට්‌ටු කර්මාන්ත ශාලා පරිශ්‍රය ද, කර්තෘ මණ්‌ඩලය සඳහා ගොඩනැඟිලි පරිශ්‍රය ද, ආයතනයේ පරිපාලනය ද ලාල් වික්‍රමතුංග විසින් සපයනු ලැබේ. පුවත්පතේ කර්තෘත්වය සහ එය මෙහෙයවීම ලසන්ත වික්‍රමතුංග විසින් සපයනු ලැබේ. පසුව කවර දෙයක් සිදු වුවද ලීඩර් පුවත්පත් කාර්යාලය පටන් ගැනීමේ මුල මෙතැනය. ගාමිණී දිසානායක දේශපාලනඥයකු නිසා අක්‍රීය කොටස්‌කරුවකු ලෙස සිටීමට තීරණය විය. මේ සියලු ගිවිස ගැනීම්වලින් පසු 1994 ජුනි 19 වැනිදා ද සන්ඩේ ලීඩර්Êපුවත්පතේ මුල් පිටපත බිහි විය. පුවත්පත ඇරඹී මාස 4 කට පසු ගාමිණී දිසානායක ද ඝාතනය විය. එම ඝාතනය සිදුකළේ මරාගෙන මැරෙන කොටි බෝම්බකාරියක විසිනි.
ද සන්ඩේ ලීඩර් පත්‍රය පටන් ගත්තේම විචාරශීලී සහ ප්‍රහාරාත්මක පුවත්පතක් ලෙස ය. 1994 දී පැවැති ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය බලයට පත් වූ විට ලසන්ත ඇයට දිගින් දිගටම පහර දෙන්නට පටන් ගත්තේය. වසර 2000 වන විට චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව විසින් පුවත් වාරණ පනතක් සම්මත කරගෙන තිබුණු අතර, එම පනත යටතේ ලීඩර් පත්‍රය තහනම් කරන ලද්දේය. ඒ වන විට ප්‍රවෘත්ති බලධාරියා ලෙස කටයුතු කළේ ආරිය රූබසිංහයි. ඔහු ලීඩර් කන්තෝරුවට මුද්‍රd තබන්නේ 2000 මැයි 22 වැනිදා ය. එම මුද්‍රdව මාස 6 ක් යන තුරු ඉවත් නොකරන ලදී. ලසන්ත එම අවධියේදී සුවිශාල ආර්ථික ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. මුද්‍රණාල සේවක මණ්‌ඩලයට සහ කර්තෘ මණ්‌ඩලයට සිය පුද්ගලික ධනයෙන් වැටුප් ගෙවීමට ඔහුට සිදු විය. පත්තරයක් හදිසියේ නැවැත්වූ විට ගැටලු කීපයක් හට ගනී. පළමුවන ගැටලුව වන්නේ කලින් මාසයේ විකුණන පුවත්පත්වලට මුදල් දීමට සමහරුන් අදිමදි කිරීමය. දෙවැනි ගැටලුව පුවත්පතේ දැන්වීම් දැමූ අය එම මුදල් ගෙවීමට අදිමදි කිරීමය.
එවකට පැවැති චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව ලීඩර් පුවත්පත තහනම් කළේ සෙසු හේතු සමූහයක් සහ මුඛ්‍ය හේතුවක් පදනම් කරගෙනය. මුඛ්‍ය හේතුව නම් අලිමංකඩදී පැවැති සටනින් යුද හමුදාව පරාජය වීම ලසන්ත විසින් තරයේ විවේචනය කිරීමය. එය තනි විවේචනාත්මක ලිපියකින් සිදු කර තිබිණි. ලිපිය පළ වී පැය 24 කට පසු ලීඩර් පත්තර කන්තෝරුවට අයත් රත්මලානේ මුද්‍රණාලයට පැමිණි පොලිසිය එම පරිශ්‍රයට අගුලුදමා ගොඩනැඟිල්ල හාත්පස සන්නද්ධ ආරක්‍ෂකයන් රැඳවීය. ලසන්ත මෙයට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 2000 ජුනි 30 වැනිදා පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම මුද්‍රණාලය විවෘත කරන ලෙස පොලිසියට නියෝග කළේය. එහෙත් පත්තරය යළි එළියට ආවේ නොවැම්බර් 21 වැනිදා ය.
මේ අතර 1995 දී ජනාධිපති චන්ද්‍රිකා ලසන්තට විරුද්ධව අපහාස නඩුවක් දමා තිබිණි. වසර 2000 සැප්තැම්බර් 5 වැනිදා තීන්දුව ලැබුණ අතර ලසන්තට වසර දෙකක සිර දඬුවමක් නියම වී වසර 5 කට අත්හිටුවනු ලැබීය. වසර 2003 ජුලි 27 වැනිදා චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවේ ඇමැතිවරයකු වූ මහින්ද විඡේසේකර පාර්ලිමේන්තුවේදී මේ ආකාරයෙන් ලසන්තට තර්ජනය කළේය. "මම හැකි ඉක්‌මනට ඔය මිනිහව කාමරයකට දමල වෙඩි තියනවා. නැත්නම් පිහියෙන් ඇන මරනවා."
-අනුර සොලමන්ස්
Related