මාධ්‍යයට 'ටෝක්‌' දෙන දයාසිරි කැබිනට්‌ එකේදී 'පූසෙක්‌' වගෙයි - ඇමැති රාජිත

වත්මන් ආණ්‌ඩුවේ දූෂණ වංචා ඇතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කිසි විටෙක කැබිනට්‌ මණ්‌ඩලයේදී කතා කර නැතැයි කැබිනට්‌ ...

වත්මන් ආණ්‌ඩුවේ දූෂණ වංචා ඇතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර කිසි විටෙක කැබිනට්‌ මණ්‌ඩලයේදී කතා කර නැතැයි කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පැවැසීය.

ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දූෂණ වංචා කර ඇත්නම් ඒ බව කතා කළ යුත්තේ ඇමැති මණ්‌ඩල හමුවේදී මිස එළියේදී නොවන බවද හෙතෙම කීය.

මෙම ඇමැතිවරුන්ට ඇමැති මණ්‌ඩලයේදී කතා කරන්න කොන්දක්‌ නැතැයි ද එළියට ගිහින් බොරුවට වීරයෝ වෙනවා යෑයි ද කී ඇමැතිවරයා මේ ඇමැතිවරුන් පසුගිය රජයේ දූෂණ වංචා වෙද්දී හිටියේ කොහේදැයි විමසීය.

තමා පසුගිය රජය සමයේදී සිදුÊවූ දූෂණ පිළිබඳව එළියේදී කතා නොකළ බවත්, ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මුqහුණටම විමසූ බවත්, ඊයේ (05 දා) පැවැති ඇමැති මණ්‌ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8230042874484355098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item