ලබන මස සිට ශ්‍රී ලංකන් යුරෝපයට සෘජු ගුවන් ගමන් නවතයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නොවැම්බර් මාසයේ සිට යුරෝපය වෙත පියාසර කරන සෘජු ගුවන් ගමන් අත්හිටුවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් ස...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම නොවැම්බර් මාසයේ සිට යුරෝපය වෙත පියාසර කරන සෘජු ගුවන් ගමන් අත්හිටුවන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත පැවසීය.

කෙසේ නමුත් යුරෝපයට පිවිසුම් මාර්ගය ලෙස ලන්ඩන් වෙත සිදුකරන ගුවන් ගමන් අඛණ්‌ඩව සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යqහගත කිරීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ගුවන් සමාගමේ පවතින අලාභය අවම කර ගැනීමට බලාපොරොත්තු වන බවත් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේ ඊයේ (05 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ගුවන්යානා කල්බදු වියදම පියවාගැනීම සඳහා A 330 - 300 ගුවන්යාන තුනක්‌ පාකිස්‌තාන ජාත්‍යන්තර ගුවන් සමාගම වෙත ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා මේ වන විට එම ගුවන් සමාගම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් සුරේන් රත්වත්ත ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1093394950284064859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item