'බැඳුම්කර බළලා' මල්ල ලිහාගෙනම එළියට

වත්මන් යහපාලන රජය බලයට පත් වූයේ පැවැති මහින්ද රාජපක්‍ෂ රජයට වංචා හා දූෂණ චෝදනා රැසක්‌ ඉදිරිපත් කරමිනි. එහෙත් "එදා මෙගා ඩීල්" ගැ...

වත්මන් යහපාලන රජය බලයට පත් වූයේ පැවැති මහින්ද රාජපක්‍ෂ රජයට වංචා හා දූෂණ චෝදනා රැසක්‌ ඉදිරිපත් කරමිනි. එහෙත් "එදා මෙගා ඩීල්" ගැන චෝදනා ඉදිරිපත් කළ අය වත්මන් රජය යටතේ සිදුවී ඇති බවට චෝදනා එල්ලවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කතා කරන බවක්‌ පෙනෙන්නට නැත. පසුගිය රජය යටතේ නොයෙකුත් වැරදි සිදුව ඇති බවට කිසිම සැකයක්‌ නැත. ඒවා එසේ වුවත් වත්මන් රජය යටතේ සිදුව ඇති වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පොලිසියෙන් කටඋත්තරයක්‌වත් නොගන්නා තත්ත්වයක්‌ පැහැදිලිව පෙනෙන්නට තිබේ. එවැනි සිදුවීම් රැසක්‌ අතර ප්‍රධානම සිදුවීම වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිව සිටියදී සිදුවූ බවට චෝදනා එල්ල වූ 'බැඳුම්කර මගඬිය.' ලංකා ඉතිහාසයේ රජයට විශාලතම මූල්‍ය පාඩුව සිදු කළ "ලොකුම වංචාව" බවට චෝදනා එල්ල වුවද මෙය යට ගැසීමේ බලවත් උත්සාහය තවමත් අවසන්ව නැත. චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙස්‌න්ද්‍රන්ගේ අධිපති ධුර කාලය දික්‌ නොකළ පමණින් සියල්ල විසඳෙන්නේ නැත. මේ වංචාව නිසා මහජනතාවට සිදු ව ඇති පාඩුවට වග කියන්නේ කවුද? මේ තුළින් අයුතු ලාභයක්‌ ඉපැයූ පාර්ශ්වයන්ට පරීක්‍ෂණ නොපවත්වන්නේ ඇයි? "බැඳුම්කර මගඬිය" සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්න තිබෙන අතරම මේ සිද්ධියට චෝදනා එල්ලවූ ප්‍රාථමික නියෝජිත ආයතනය ද a2015 වසරේදී ඇදහිය නොහැකි අති විහාල ලාභයක්‌ ද වාර්තා කර තිබේ. එය මේ දිනවල මාධ්‍යයේ රැව් පිළිරැව් දෙමින් තිබේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේද ඒ ගැනය.

මේ අනුව කතාබහට ලක්‌වන බැඳුම්කර ගනුදෙනුවල නිරත වන ප්‍රාථමික නියෝජිත ආයතනය වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමයි. මේ සමාගම 2016 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී රු. බිලියන 5.2 කට (රු. කෝටි 520 කට) අධික බදු පසු ලාභයක්‌ ලබාගෙන තිබේ. මෙය එම සමාගම සම්බන්ධයෙන් මෙන්ම මූල්‍ය වෙළෙඳපොළේ අනෙකුත් තරගකාරී ආයතන සමග බැලුවත් අති විශාල ලාභයකි. තරගකාරී ආයතන සියල්ල අභිබවා ගිය සුවිශාල ලාභයකි. එම ආයතනය කෙටි කාලයක්‌ තුළ එතරම් අති විශාල ලාභයක්‌ ලැබුවේ කෙසේද යන්න මේ දිනවල කතා බහට ලක්‌ වෙමින් තිබේ. මේ අසාමාන්‍ය සිදුවීම ගැන ආර්ථික හා මූල්‍ය අංශවල මේ ගැන දැඩි අවධානය යොමුව ඇති අතර දේශපාලන ලෝකය තුළ ද මේ ගැන කතාබහට ලක්‌වූ අයුරු දැකගත හැකි විය. ඒ අනුව ඉකුත් ඔක්‌තෝබර් 06 වැනි බ්‍රහස්‌පතින්දා 'දිවයින' ප්‍රධාන පුවත ලෙස පළ වූයේ "බිලියන 5 ක්‌ ලාභ ලැබූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගම ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්න - විමල් වීරවංශ ' යන්නයි. මේ පුවතට පදනම් වූයේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය ඔක්‌තෝබර් 05 වැනිදා බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්‌ ය.

අදාළ ප්‍රාථමික නියෝජිත ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක්‌ සකස්‌ කොට තිබෙන බවත් එහෙත් එම වාර්තාවේ 'බැඳුම්කර මගඬිය' තහවුරු වන තොරතුරු රැසක්‌ අන්තර්ගත වන බැවින් එය මුදල් මණ්‌ඩලයට පවා ඉදිරිපත් නොකර මහ බැංකුවේ එක්‌තරා උසස්‌ නිලධාරියෙක්‌ විසින්, යට ගසා ගෙන සිටින බවත් අපට මහ බැංකුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. එසේම මෙම වාර්තාව සකස්‌ කිරීමට දායක වූ නිලධාරිනියක්‌ ඒ දිනවලම වහාම වෙනත් අංශයකට මාරු කර යවා ඇති බවද කියති. මේ ගැන වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ද වහාම සොයා බලා පියවර ගත යුතු බව ද අපි මතක්‌ කර සිsටිමු. මේ බැඳුම්කර මගඩියට වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ සම්බන්ධයක්‌ නොතිබුණත්, වත්මන් මහ බැංකු අධිපතිවරයා මේ සිද්ධිය තනිකර කෝප් පරීක්‍ෂණයට පමණක්‌ සීමා කර බලා සිටීමෙන් ඒ බැඳුම්කර මගඩිය යට ගැසීමට විශාල දායකත්වයක්‌ (දැන හෝ නොදැන) ලැබෙන බව කිව යුතුය. ඒ නිසා බැඳුම්කර මගඩිය යට ගැසීම වැළැක්‌වීම සඳහා මහ බැංකුවටද ගත හැකි පියවර තිබේ. එහෙත් ඒ කිසිවක්‌ නොකර බැඳුම්කර මගඩිය ගැන මාධ්‍ය ප්‍රශ්න කරන හැමවිටම කෝප් පරීක්‍ෂණය ගැන පවසා "බණ්‌ඩක්‌කා කරලක්‌" මෙන් ලිස්‌සා යැමේ ප්‍රතිපත්තියක්‌ වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් අනුගමනය කරමින් තිබෙන බවක්‌ පෙනේ. එය කණගාටුවට කරුණකි. මේ බැඳුම්කර මගඩියට උදව් කළ එසේම එය යට ගැසීමට ක්‍රියා කරන මහ බැංකුවේ ඉහළම නිලධාරීන් තවමත් අදාළ පුටුවලම එම වගකීම් එලෙසම උසුලමින් සිටින බව රහසක්‌ නොවේ. ඒ තුළ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ අවංකභාවය ගැන සැකසංකා ඇති වීමද වැළැක්‌විය නොහැකිය.

මහ බැංකුව විසින් එළිදක්‌වන්නේ නැතිව යට ගසාගෙන සිටින බව කියන වාර්තාව ගැන ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉහත කී මාධ්‍ය හමුවේදී අදහස්‌ පළ කර තිබුණේ මෙසේය. 

"මහ බැංකුවේ දෙපාර්තමේන්තුවකට භාරදී තිබුණා, චෝදනාවට ලක්‌වූ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම ගැන බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණයක්‌ කර වාර්තාවක්‌ භාර දෙන්න කියලා. මේ පරීක්‍ෂණය කරලා වාර්තාව හදලා දැන් සෑහෙන කල්. නමුත් මෙම ගනුදෙනුවට සම්බන්ධ නිලධාරියෙක්‌ ඒක ලාච්චුවේ දාගෙන ඉන්නවා. එම වාර්තාවේ පැහැදිලිව කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවූ ආකාරය ගැන. එම වාර්තාව ඉදිරිපත් නොකරන්නේ ඒ නිසයි."

බූරුවා ගැසුවත් එකය. බූරුවා ගසනවා බලා සිටියත් එකය. ඒ නිසා මේ බැඳුම්කර මගඩිය යට ගැසීමට අදාළ දේවල් වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ද සිදු වෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔහුගේ අතේ ද මඩ තැවරීම වැළැක්‌විය නොහැකි බවද ඔහු තේරුම් ගත යුතුව තිබේ. බැඳුම්කරය වංචාව සම්බන්ධයෙන් කෝප් පරීක්‍ෂණ වාර්තාව මගින් ද එවැනි වංචාවක්‌ සිදුව ඇති බවට තහවුරු වී ඇති බව පැවසෙන අතර කෝප් වාර්තාවට අමතරව දැන් දැන් එළිදරව් වෙමින් තිබෙන කරුණු අනුව කාටත් පැහැදිලි වන්නේ 'බැදුම්කර බළලා' මල්ලෙන් එළියට පැන ඇති බව නොවේද?

-ශ්‍යාම් නුවන් ගනේවත්ත 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විශේෂාංග 61265305470691898

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item