හඹා ආ වැලි ලොරියට අඩ තැබූ යතුරු පැදි කරු මෙලොවින් සමුගනී(PHOTOS)

පුත්තලම සිට පුරිදිවාසල් දක්වා වැලි රැගත් ප්‍රවාහනය වෙමින් තිබූ ලොරි රථයක් සහ පුරිදිවාසල් දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු ප...


පුත්තලම සිට පුරිදිවාසල් දක්වා වැලි රැගත් ප්‍රවාහනය වෙමින් තිබූ ලොරි රථයක් සහ පුරිදිවාසල් දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් (09) වන දින සවස මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පුත්තලම රථ වාහන අංශ පොලිසිය සදහන් කරයි.

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුරිදිවාසල්, විරුතෝඩේ ප්‍රදේශයේ පදිංචිකාර (38) හැවිරිදි උමර් බාචා උස්මාන් නැමති එක් දරු පියෙකු බවත්, අදාල පුද්ගලයා (09) වන දින සවස සිය යතුරු පැදිය ලොරි රථය පැමිණෙන දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම නිසාවෙන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියදුරු පුත්තලම රථ වාහන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට මූලික පරික්ෂණ ආරම්භ කර තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් පුතත්ලම කොට්ඨාශ භාර නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිවේදී) එස්.බී. රත්නායක මහතාගේ උපදෙස් පරිදි පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරිහූ පිරිසක් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

සටහන සේයා රූපුත්තලම කේ.ප්‍රියංකර








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2933132124347940402

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item