මනාලියගේ උරය මත මනාලයා අවසන්ගමන් යයි

තෙවසරක ප්‍රේම සම්බන්ධතාව මල් පල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව මනාලිය නිවසට කැන්දාගෙන එන අතුරතුරදී මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් ...

තෙවසරක ප්‍රේම සම්බන්ධතාව මල් පල ගන්වමින් විවාහ දිවියට ඇතුළත්ව මනාලිය නිවසට කැන්දාගෙන එන අතුරතුරදී මනාලියගේ දෑත මත මනාලයා හෘදයාබාධයකින් මියගිය හදකම්පා කරන පුවතක්‌ ඉබ්බාගමුවෙන් වාර්තා වේ.

වයස අවුරුදු 25ක් වූ මෙම තරුණයා පසුගියදා (7 දා) මේ අයුරින් මිය ගොස් ඇත.

පසුගිය 6 වැනිදා විවාහ උත්සවය පවත්වා ඇති අතර ගීත ගයමින් ඉතා සතුටින් සිටි මෙම යුවල අතර සවස 3.30 ට මෙම යුවල ඉබ්බාගමුවට එන්නට පිටත්ව තිබේ. මාතර අධිවේගී මාර්ගයේ සුන්දර ස්ථානයක ඡායාරූප කිහිපයක්ද ලබාගෙන ඇති අතර ඒ අවසාන වතාවට ගත් පින්තූර බව මනාලිය දැඩි සොවින් යුක්තව සදහන් කර තිබේ.

'' එක පාරටම එයා මට මහන්සියි මං ටිකක්‌ නිදා ගන්නවා. ඔයාගේ කරට හෙත්තු වෙන්නම් කියලා මගේ කරට හිස තියා ගත්තා. මට වෙනසක්‌ දැනුණා. වාහනය නතර කරන්න කියලා අනෙක්‌ අයටත් දැනුම් දුන්නා. පසුව එයාට සිහිය නැහැ. අපේ ඥතීන් ඉසුරු ඉක්‌මනට අවිස්‌සාවේල්ල රෝහලට ඇතුළත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කනගාටුයි මිය ගිහිල්ලා කියලා.'' යනුවෙන් ඇය සදහන් කර සිටියි.

කෙසේ වෙතත් මරණ පරීක්‌ෂණයේදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දිගටම මහන්සිවීමත් නිදි මැරීමත් ආහාර නොගැනීමත් අධික සතුටත් නිසා ඇතිවූ හෘදයා බාධයක්‌ නිසා මෙම තරුණයා මියගිය බවයි.

කෙසේ වෙතත් නෑසියන් සමඟ තම මංගල උත්සවය උත්කර්ශවත් අන්දමින් සමරන්නට කටයුතු සංවිධානය කළ ඉසුරු සම්පත් ඊයේ (09දා) සවස සිය මනාලියගේ සහ නෑ හිතමිතුරන්ගේත් විලාප හඬ මැද්දේ මෙලොවින් සදහටම සමුගත්තේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7470838789894672632

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item