මම ජීවත්වෙනවා - සැඟවීලා නැහැ

තමා සැඟවී නොමැති බවත්, යුක්රේනියාවේ ජීවත්වන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිය...

තමා සැඟවී නොමැති බවත්, යුක්රේනියාවේ ජීවත්වන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. එමෙන්ම තමා මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයට සක්‍රීයව දායක වෙමින් සිටින අතර, තමාව හමුවීමට අවශ්‍යනම් යුක්රේනියාවට පැමිණෙන ලෙසද හෙතෙම නිවේදනය මගින් පවසා තිබේ.

ඒ මෙසේය,

මම යුක්රේනියාවේ ජීවත්වනවා පමණක් නොව ඒ රටේ ප්‍රධාන දේශපාලකයන්ගේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමනට ලබාගැනීමට සියලු පියවර ගනිමින් සිටිමි. පසුගිය සැප්තැම්බර් 28 දින මම හිටපු යුක්රේනියානු ජනාධිපති ලියොනිඩ් කුච්මා මහතා හමුවී,යහපාලන රජයේ අසාධාරණ පළිගැනීම් පිළිබඳව ඔහුව දැනුවත් කිරීමට කටයුතු කළෙමි. මේ දඩයමට එරෙහිව යුරෝපයේ ජීවත්වන ලාංකිකයන් පෙළගැස්වීම සිදුකරමින් සිටින බවද මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි.

ලංකාවට පැමිණ යහපාලකයන්ගේ දඩයම පහසුකර දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔවුන්ට තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යුක්රේනියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන අතර මට දන්වන ඕනෑම මොහොතක කිව් නගරයේදී ඔවුන් හමුවීමට සහතික වෙමි. 

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8271524058655479159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item