නව ව්‍යවස්ථාවෙන් පළාත් පාලන ආයතන දක්වා බලතල දිය යුතුයි - ජයම්පති වික්‍රමරත්න

පළාත් සභාවලට පමණක් නොව පළාත් පාලන ආයතන දක්වාද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බලතල ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති ව...

පළාත් සභාවලට පමණක් නොව පළාත් පාලන ආයතන දක්වාද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් බලතල ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

අද(10) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම බලතල බෙදුම්වාදී කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඕනෑම මොහොතක පාලනය කිරීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව පවත්වාගත යුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව අන්‍යාගමික රාජ්‍යක් ලෙස පිළිගන්නා අතරම ඓතිහාසික හේතු මත යම් ආගමක් සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිපාදන වෙනසකින් තොරව පවත්වාගෙන යා යුතු බව ද ජයම්පති වික්‍රමරත්න ප්‍රකාශ කළේය.

මේ අතර යෝජිත ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාවක් ද නැතහොත් ව්‍යවස්ථා සංශෝධනයක් ද යන්න අනාවරණය කළ යුතු බව සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ අද පැවැති මධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 295339236673464535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item