අර්ජුන නිදොස්‌ කරන්න එජාප-ටීඑන්ඒ සාකච්ඡා

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින් සකස්‌ කරන ව...

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ චෝදනාවලින් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිදහස්‌ කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයන් විසින් සකස්‌ කරන විකල්ප වාර්තාවට එම කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය ලබා ගැනීමට එක්‌සත් ජාතික පක්‍ෂය කටයුතු කරමින් සිටී.

අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර ගනුදෙනුවට වරදකරු බව පවසමින් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති සකස්‌ කළ වාර්තාවට මේ වන විටත් එහි ජවිපෙ සාමාජිකයන් සහ ආණ්‌ඩුවේ සිටින එජනිස සාමාජිකයන් දසදෙනකු අත්සන් තබා ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේ එජාප සාමාජිකයෝ එකොළොස්‌ දෙනෙක්‌ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සිව්දෙනෙක්‌ද සිටිති. මහේන්ද්‍රන් නිදොස්‌ කරමින් එජාපය සකස්‌ කරන වාර්තාවට ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේද එකඟත්වය ලබා ගැනීම සඳහා එජාපය මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව ඉහත කෝප් කමිටු සාමාජිකයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව පෙරේදා රාත්‍රියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සහ එජාප ඇමැතිවරුන් කිහිප දෙනකු රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයිද ඊට අර්ජුන මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයිද ඉහත සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6524912150488615976

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item