මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු කුඩු රොෂාන් ඇතුළු එකොලහක් අත්අඩංගුවට

මට්ටක්කුලිය සමිත් පුරේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මා...

මට්ටක්කුලිය සමිත් පුරේ සිව් දෙනෙකු ඝාතනය කල බව කියන කුඩු රොෂාන් ඇතුළු එකොලොස්දෙනෙකු ඝාතනයට යොදා ගත් ආයුධද සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය කියයි.

ටී 56 ගිනිඅවියක් අපරාධය සඳහා යොදාගෙන ඇතැයි සැක කෙරෙනවා. අපරාධයට පෙර දින 3ක් එම ගිනිඅවිය සඟවා තබා ඇත්තේ දේවාලයක කපු මහතෙකුට අයත් කඩවත ප‍්‍රදේශයේ නිවසකයි. අපරාධය සිදුවූ දින පෙරවරුවේ කපු මහතාගේ බෑණා කෙනෙකු විසින් එය සැකකරුවන්ට ගෙනවිත් දී තිබෙනවා. අපරාධය සිදුකිරීමෙන් පසු ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 9 දෙනෙකු ත‍්‍රීරෝද රථ 2කින් කපු මහතාගේ නිවසට පැමිණ ඇතැයි ද සඳහන්. අපරාධයට යොදාගත් ටී 56 ගිනිඅවිය නැවත එම නිවසේ සඟවා පිස්තෝල 2ක් ද රැගෙන ඔවුන් පිටව ගොස් තිබෙනවා. ඒ, කපු මහතාට අයත් ත‍්‍රීරෝද රථයකින් සහ කුලියට ගත් තවත් ත‍්‍රීරෝද රථයකින්.

සැකකරුවන්ගේ ඊළඟ නැවතුම වී තිබෙන්නේ ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන්ගේ ඥාතියෙකුට අයත් වැලිවේරියේ පිහිටි නිවසක්. එහිදී ආහාර ද ලබාගෙන ජංගම දුරකථනයක් ද ඉල්ලාගෙන අවමංගල්‍යයකට යන බව පවසා ඔවුන් පිටව ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ තවත් තොරතුරු හෙළිකර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි. අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 3 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6270117368633113698

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item