මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටවෙලා - අගමැති නියමයෙන් අධිපතිගෙන් CIDට පැමිණිලි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිශය රහස්‍ය තොරතුරු පිටවීම සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස රහස්‌ පොලිසිය වෙත පැමිණිලි කිරීමට මහ බැංකු අධිපති ...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිශය රහස්‍ය තොරතුරු පිටවීම සම්බන්ධව පූර්ණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස රහස්‌ පොලිසිය වෙත පැමිණිලි කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන තිබේ. මීට අමතරව රහස්‍ය තොරතුරු අනාවරණය වීම සම්බන්ධව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක්‌ පත් කිරීමට නියමිත අතර එය අගමැතිවරයාගේ මීළඟ විදේශ සංචාරය නිමවූ වහාම සිදු කෙරෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසර ගණනාවක සිට මහ බැංකුවේ රහස්‍ය තොරතුරු පිටවෙමින් තිබෙන බවත් මේ නිසා මහ බැංකු අභ්‍යන්තර කටයුතු සම්බන්ධව ප්‍රශ්න රැසක්‌ මතුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. 

රජයේ නව ගමන්මගට අනුව ඉදිරියේදී මූල්‍ය නගරයක්‌ ස්‌ථාපිත කිරීම ඇතුළු රට සංවර්ධනය කරා ගෙන යාම සඳහා පුළුල් වැඩපිළිවෙළක්‌ සැලැසුම්කර තිබෙන බවත් මහ බැංකුවේ අභ්‍යන්තර රහස්‍ය තොරතුරු පිටවීම එම වැඩකටයුතුවලට දැඩි බාධාවක්‌ විය හැකි බවත් එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඉදිරියේදී පිහිටුවන වාණිජ නගරයට මෙන්ම ජාත්‍යන්තර කටයුතු හා ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ වැඩකටයුතුවලට පවා මෙවැනි සිද්ධීන්ගෙන් බාධා එල්ල විය හැකි නිසා ඉක්මනින් පරීක්ෂණ පවත්වා සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව දන්වා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8084171391463138103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item