විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී

විමර්ශනයක් සදහා තම නිවසට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමග කලබයට පත්ව ඇති විදුහල්පතිවරයෙකු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත...

විමර්ශනයක් සදහා තම නිවසට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමග කලබයට පත්ව ඇති විදුහල්පතිවරයෙකු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කොස්වත්ත, බෝතලේගම පදිංචිව සිටි 51 හැවිරිදි විදුහල්පතිවරයෙකි.

දෙදරු පියෙක් වන ඔහුගේ බිරිඳ ද නාත්ත්නඩිය ප්‍රදේශයේ පාසලක සේවය කරන බව වාර්තා වේ.

ඊයේ (12) සවස 2.00 ට පමණ වස පානය කර ඇති විදුහල්පතිවරයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එදිනම රාත්‍රීයේ මිය ගොස් ඇත.

සිය දිවි නසා ගෙන ඇති විදුහල්පතිවරයා මිනුවන්ගොඩ, කොටදෙණියාව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිට ඇති අතර එම ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු විසින් විදුහල්පතිවරයාට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාතික ළමා අරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඊයේ සවස විදුහල්පතිවරයාගේ නිවසට පැමිණ තිබේ.

නිලධාරීන් සමග කතා බහ කරමින් සිට ඇති විදුහල්පතිවරයා එක්වරම තම නිවස පිටුපසට ගොස් වස පානය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඉන් අනතුරුව කඩිනමින් ඔහුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මිය ගොස් තිබේ.

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්වත්ත පොලීසිය විසින් සිදුකරයි. 

පුත්තලම - ජූඩ් සමන්ත



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4398630316470888481

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item