නඩුකාරයන්ගේ ටෙලිfපෝන් ටැප්කරන්නේ කවුද? - දිවයින සාකච්චාව

අධිකරණයේ ස්‌වාධීනත්වය උදෙසා සමහරෙක්‌, විනිසුරුවරුන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරමින් ක්‍රියා කරන අතරේ විනිසුරුවරුන්ට එරෙහිව නගන චෝදනා අධිකර...

අධිකරණයේ ස්‌වාධීනත්වය උදෙසා සමහරෙක්‌, විනිසුරුවරුන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරමින් ක්‍රියා කරන අතරේ විනිසුරුවරුන්ට එරෙහිව නගන චෝදනා අධිකරණයේ ස්‌වාධීනත්වය බිද වට්‌ටන්නේ යෑයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි. ඔහුගේ මේ මතය දිවයින සාකච්ඡාවට බදුන් කළ අයුරුයි මේ.

ප්‍රශ්නය - වෙනදාට අධිකරණයේ ස්‌වාධීනත්වයට ආණ්‌ඩුවලින් බලපෑම් එල්ල වෙන බව සඳහන් කළ ඔබ, දැන් ඒ සඳහා නම් කරන්නේ සමහර පුවත් වෙබ් අඩවි සහ පත්තරයක්‌... ඔබගේ වගකීම විය යුතුව තිබුණේ, ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි ව්‍යqහයන් සමග කතා කර මේ සඳහා පියවර ගැනීම වුවත්, දැන් ඔබ ඒ මාතෘකාව එළි පිට කතා කරන්න පටන් අරගෙන...

පිළිතුර - අපේ නීතිඥ සංගමයට මම මේ ගැන කියා සිටියා. පිටරට සිට ක්‍රියාත්මක වෙන වෙබ් අඩවි කිහිපයක්‌ සහ සති අන්ත පුවත් පතක්‌ විසින්, අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව කරගෙන යන මඩ ප්‍රචාරණ සඳහා මැදිහත්වීමක්‌ කරන ලෙස මම සංගමයෙන් ඉල්ලා සිටියා. අපේ සභාපතිවරයා විසින්, ඒ ගැන සඳහන් කරුණු සංගමයට ලබා දෙන ලෙස මගෙන් ඉල්ලීමක්‌ කළා. එම පිරිස්‌ වැදගත් යෑයි සිතන නඩුවක්‌ විභාග කරන විනිශ්චයකාරවරුන්ට එරෙහිවයි, මේ පහරදීම් සිදු කරන්නේ. පහරදෙන පිරිසගේ අදහස වී තිබෙන්නේ, මිට පෙර පැවති ආණ්‌ඩුවේ යම් කිසිවෙකු අධිකරණය සඳහා ඉදිරිපත් කළොත්, ඔහු අනිවාර්යෙන්ම වැරදිකාරයා විය යුතුයි. අනිවාර්යෙන්ම රිමාන්ඩ් විය යුතුයි කියලා මේ පිරිස සිතනවා. එවැනි තීන්දුවක්‌ අධිකරණයෙන් නොලැබුණොත් එම විනිසුරුවරුන් හට විශාල වශයෙන් මේ අය පහර ගහනවා. ඔවුන් පිළිබඳ අමූලික අසත්‍ය ප්‍රචාර කරනවා. මේ පිරිස විසින් මේ නඩුව සඳහා මෙවැනි තීන්දුවක්‌ දිය යුතු බවටත් තම මාධ්‍ය මගින් කියා සිටිනවා. එහෙම තීරණ දෙන්න බලයක්‌ ඒ අයට දුන්නේ කවුද...? මේ ගැන කිසිම කෙනෙක්‌ කතා කරන්නේ නැහැ. එතෙර සිට මෙහෙයවන වෙබ් අඩවි කිහිපයකට හෝ එක පත්තරයකට මේ රටේ අධිකරණයේ ස්‌වාධීනත්වය පාවා දෙන්න බැරි නිසා තමයි මම මේ ගැන එළිපිට කතා කළේ. 

ප්‍රශ්aනය - අලි ළඟ තබාගත්තා යෑයි කියා, සමහර විනිශ්චයකාරවරුන්ට පවා පසුගිය කාලයේදී චෝදනා එල්ල වුණා. ඒ නිසා විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් සැකයෙන් බැලීම, විවේචනය කිරීමේ සාධාරණයක්‌ තිබෙනවා නේද...?

පිළිතුර - ඔය සමහරු කතා කරන්නේ තිළිණ ගමගේ විනිශ්චයකාරතුමා ගැන වෙන්න පුළුවන්. මම ඒ සිද්ධිය පිළිබඳව කතා කරන්නම්. ඔහු අලි හොරෙක්‌ කියලා ප්‍රසිද්ධ කළා. අලියෙක්‌ හොරකම් කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. අනික්‌ සේරම අලි සම්බන්ධ ගැටලු තිබෙන අය අත්අඩංගුවට ගත්තා, ඒ අයට ඇප දුන්නා. මහෙස්‌ත්‍රාත්වරයා අත් අඩංගුවට ගන්නේ නැහැ කියලා, විශාල ප්‍රචාරයක්‌ ගියා. ඊට පස්‌සේ මොහු අධිකරණයට ඉදිරිපත් වුණා. එතකොට මොහුට ඇප දුන්නා කියලා, ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම නින්දිත අයුරින් පහර දෙන්න පටන් ගත්තා. ඒ පහර දුන්නේ, තිළිණ ගමගේ මහෙස්‌ත්‍රාත්වරයෙක්‌ නිසා ඔහුගේ සහෝදර මහෙස්‌ත්‍රාත්වරයකුට ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්තුමා අනිසි උදව් උපකාර දුන්නා කියලා. උසාවියේ තියෙන විශේෂ ලිµaට්‌ එකකින් එක්‌ක ගෙන් ගිහිල්ලා, මහෙස්‌ත්‍රාත්වරයාගේ කාමරේ තිළිණ ගමගේ තියාගෙන හිටියා කියලා, කිව්වා. කාමරේ තියාගෙන ඉඳලා, කලින් ලියපු තීන්දුවක්‌ ප්‍රකාශ කළා කියලා කිව්වා. මේකට ඒ පිරිස හේතුවකුත් පෙන්වලා තිබ්බා. මේ දෙන්නා හොඳ යහළුවෝ. මැලේසියාවේ සම්මන්ත්‍රණයකට ගිහිල්ලා, ඒකට සහභාගී නොවී, මේ දෙන්නා ගණිකා නිවාසවලට ගියා කියලත් ප්‍රචාරය කළා. මේ චෝදනා ගැන ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්තුමාගෙන් සමහරු අහලා තියෙනවා. එතකොට එතුමා දීලා තියෙන උත්තරේ තමයි, ඔහු කවදාවත් මැලේසියාවට ගිහිල්ලා නැහැ. ඒ වගේම ගංගොඩවිල උසාවියේ තියෙන්නේ, එක ලිµaට්‌ ඒකයි. හැමෝම ඒ ලිµaට්‌ එකේ එන්න ඕනේ. විශේෂ ලිµaට්‌ නැහැ. මහෙස්‌ත්‍රාත් කාමරේ තිළිණ ගමගේ තියාගෙන හිටියාද නැද්ද කියලා බලන්න ඕනේ නම්, උසාවියේ තියෙන සිසිටිවී පද්ධතිය තුළ ඒ සියල්ල පටිගත වෙලා තියෙනවනේ. 

තිළිණ ගමගේ මහත්තයා අලියා අරගෙන තියෙන්නේ අබේරත්න කියලා කෙනෙකුගෙන්. අබේරත්න ළඟ පර්මිට්‌ එකක්‌ තියෙනවා. ඒ පර්මිට්‌ එක බලලා තමයි අලියා අර ගත්තේ. එතුමාගේ තාත්තා ව්‍යාපාරිකයෙක්‌ ඒ සඳහා එතුමන්ලාට මුදල් තිබෙනවා. ඒ නිසා ඔහු තමන්ගේ අම්මාගේ වුවමනාවට අලියෙක්‌ නීත්‍යානුකුල ලෙස අර ගත්තා. එවකට හිටපු ඇමතිතුමාගේ අනුමැතිය ඇතිවයි මේ බලපත්‍රය අරගෙන තියෙන්නේ. මේ බලපත්‍රය කූට ලියවිල්ලක්‌ කියලා, ඔහුට චෝදනා කරනවා. බලපත්‍රය හොර එක්‌ක නම් කූට ලියවිල්ල හදපු කෙනාට විරුද්ධව මිසක්‌ ගත්ත කෙනාට චෝදනා කරලා වැඩක්‌ නැහැනේ. එතකොට එතුමා අලි හොරෙක්‌ වෙන්නේ කොහොමද...? මේක විභාග කරලා මහාධිකරණයෙන් තිළිණ ගමගේ මහතාට ඇප ලබා දුන්නා. 

ප්‍රශ්නය - ඔබ චෝදනා කරන පරිදි අධිකරණ විනිසුරුවරුන්ට සමහරු චෝදනා නගන බව ඇත්ත. නමුත් අධිකරණයෙන් යුක්‌තිය ඉටුවෙන්නේ නැත්නම් ඒ සඳහා ජනතාවට හෝ ඒ ගැන විමසිලිමත් පිරිසට හඬක්‌ නගන්න බැරිද...?

පිළිතුර - අධිකරණයේ ස්‌වාධීනත්වය කියන්නේ කුමක්‌ද...? මේ රටේ අදීන විනිසුරුවරුන් ලෙස අප විසින් හඳුනාගත්තේ කොයි වැනි පිරිසක්‌ද...? මම ඒ ගැන කියලා ඉන්නම්. විනිසුරුවරුන්ගේ අදීනත්වය මැන්නේ රජයට එරෙහිව ලබා දෙන නඩු තීන්දු සලකා බලලා. මානුෂීය නිදහස කැපවී තිබෙන්නේ ඒ නඩු තීන්දු අනුව. ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ, ආචාර්ය මාක්‌ ප්‍රනාන්දු, රංජිත් ධීරරත්න වැනි විනිසුරුවන්ගේ අදීනත්වය තිබුණේ පවතින ආණ්‌ඩුවට විරුද්ධව තීන්දු ලබා දීම නිසා. ඒ තීන්දු ගැන මහ ඉහළින් වර්ණනා කරනවා. ජෝන් කර්ටියස්‌ හොවාර්ඩ් කියන්නේ ලංකාවේ අවසාන බ්‍රිතාන්‍ය අගවිනිසුරුවරයා. මගේ කාමරේ මම එතුමාගේ චිත්‍රයක්‌ එල්ලා ගෙන තිබෙනවා. ඇයි ඒ...? එතුමා තමයි බ්‍රෙස්‌ගර්ඩල් නඩු තීන්දුව ප්‍රකාශ කළේ. ඒ තමයි සාමාන්‍ය මිනිස්‌සුන්ගේ නිදහස තහවුරු කළ තීන්දුව. වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පිට රට සිට ආපු වාමාංශික බ්‍රෙස්‌ගර්ඩල් මහතා සමසමාජ පක්‌ෂයේ පිරිසක්‌ සමග උද්ඝෝෂණය කළා. පොලීසිය ඇවිල්ලා ඒ මහත්තයාව අත්අඩංගුවට ගත්තා. මේ ප්‍රශ්නය අධිකරණයට ගියහම, ජනතාවගේ රැස්‌වීමට ඇති අයිතිය වෙනුවෙන් අගවිනිසුරුතුමා තීන්දුව දුන්නා. වහාම බ්‍රෙස්‌ගර්ඩල් ගෙනහල්ලා නිදහස්‌ කරන්න කියලා අණ දුන්නා. එතකොට සුද්දෝ එකතු වෙලා මේ නඳුකාරතුමාව පන්නන්න ඕනෙනේ...

හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් ගැන අදත් කතා කරන්නේ ඇයි...? ඔහු ඡේ.ආර්. ජයවර්ධන මහතාගේ නීතිඥයා. අධිකරණය සම්පූර්ණයෙන් තමන්ගේ අතට ගන්න ඕනේ කියලා ඡේ.ආර්. කරපු වැඩේ අග්‍රවිනිශ්චයකාර කමට සම්පූර්ණයෙන්ම තමන්ගේ ගැත්තෙක්‌ පත් කර ගත යුතුයි සිතලා, සමරකෝන් මහත්තයාව පත් කර ගත්තා. ඔහු එජාප සාමාජිකයෙක්‌. නමුත් පත්වුණාට පස්‌සේ ඔහු නඩු තීන්දු ලබාදුන්නේ ඡේ.ආර්.ට වුවමනා පරිදි නෙමෙයි. ඔහු ආණ්‌ඩුවට විරුද්ධව තීන්දු දුන්නාම ඔහුට විරුද්ධව බොරු චෝදනා ගෙනහල්ලා, දෝෂාභියෝගයක්‌ ගෙනාවා. 

ධර්මිෂ්ඨ සමාජයක්‌ පිහිටුවන්න, ආපු අධිකරණ සහ නීතිඥ පවුල් පසුබිමක්‌ තිබ්බ, ඡේ.ආර්. බැලුවෙත් අධිකරණය අතට ගන්න. සිරිමාවෝ ආණ්‌ඩුවේ අධිකරණ ඇමති µSලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක බැලුවෙත් එහෙමයි. එහෙම වුණාට මේ බලපෑම් වලට යටත් නොවී, තීන්දු දෙන විනිසුරුවරුන් අපිට හිටියා. ඒ අයට අපි අදත් ගෞරව කරන්නේ ආණ්‌ඩුවල කැමැත්ත ඉෂ්ට නොකරපු නිසා. දක්‌ෂ අග්‍රවිනිශ්චයකාරවරයෙකු වුවත් සම්පූර්ණයෙන්ම දේශපාලනය කරපු අග්‍රවිනිශ්චයකාරවරයා සරත් සිල්වා මහත්තයා. මම ඒකත් කියන්න ඕනේ. 

විශිෂ්ට නඩුකාරවරු කියන්නේ ආණ්‌ඩු කියන කියන දේ කරන අය නෙමෙයි. ආණ්‌ඩුවට විරුද්ධව තීන්දු ලබා දෙන අය. ආණ්‌ඩු කියන ඒවා කරනවා නම් නඩුකාරවරු ඕනේ නැහැනේ. නඩු තීන්දුවක්‌ කියන්නේ ආණ්‌ඩුවේ කැමැත්ත නෙමෙයිනේ. එදා එහෙම කරපු විනිශ්චයකාරවරුන්ට කිසිම කෙනෙක්‌ ගැරහුවේ නැහැ. ඒ අයට ගෞරව කළා.

නමුත් අද වෙලා තියෙන්නේ මොකක්‌ද...? ආණ්‌ඩුවට එරෙහිව තීන්දු දෙන විනිශ්චයකාරවරුන් දූෂිතයන් ලෙස හංවඩු ගහනවා. ඔවුන්ට මඩ ප්‍රහාර එල්ල කරනවා. 

විනිශ්චයකාරවරුන්ට එරෙහිව චෝදනාවක්‌ තියෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය වන්නේ පැනක්‌ සහ කොළයක්‌ විතරයි. අධිකරණ සේවා කොමිසමට ඒ ගැන පැමිණිල්ලක්‌ කිරීමට ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවා. එතැනදී ඒ සඳහා පරීක්‌ෂණ සිදු කරනවා. එවැනි පැමිණිලි දිනපතාම වගේ ලැබෙනවා. එම ක්‍රමවේදය තිබියදී මඩ ගසමින් නඩුකාරයන් බය කරලා තමන්ට අවශ්‍ය තීන්දු ලබා ගැනීම සඳහා පිරිසක්‌ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන බව මම පැහැදිලිවම කියනවා. 

ප්‍රශ්නය - ඔබ විසින් ඒ චෝදනාව එල්ල කරන්නේ කාටද...? 

පිළිතුර - අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් නෙමෙයි. තමන් විභාග කරන පරීක්‌ෂණවලට අයත් පුද්ගලයන් අධිකරණයෙන් නිදහස්‌ කරයි කියලා හිතන සී අයි ඩී එකේ සමහර පුද්ගලයෝ තමයි, මේ කටයුතු කරන්නේ. ඔවුන් තමයි වෙබ්වලට මේ තොරතුරු දෙන්නේ. මේ මඩ ගැසීම් පිටුපස ඉන්නේ. මේ අය තමයි විනිසුරුවරුන්ගේ දුරකථන ටැප් කරන්නේ. එහෙම කරන්න කවුද ඒ අයට අයිතිය දුන්නේ. දුරකථනය කියන්නේ තමන්ගේ පුද්ගලික දෙයක්‌. එවැනි දේකට අත තියන්නේ කොහොමද...? විනිශ්චයකාරවරුන්ගේ දුරකතන ටැප් කරන තැනකට රටක්‌ යනවා නම් ඒ රාජ්‍යයේ තත්ත්වය කුමක්‌ද...? 

ප්‍රශ්නය - මේ ටැපින් චෝදනාව ගේන්නේ ඔබ විතරයි. නඩුකාරවරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔබ විතරයි. ඔබ මේ සඳහා මැදිහත්වීමක්‌ කරමින් තනිවම සටන් කරන්නේ අරගලයක්‌ සිදුකළ පුද්ගලයෙක්‌ විදිහට අධිකරණ ක්‌ෂේත්‍රයේදී ලකුණු දා ගන්නද...?

පිළිතුර - ඔව්... සමහරු මගෙන් එහෙමත් අහනවා. මට කැසිල්ලක්‌ තියෙනවාද කියලත් අහනවා. මීට පෙර එජාප ආණ්‌ඩු කාලයේදී විඡේදාස ලියනාරච්චි නීතිඥ මහත්මයා මරා දැම්මාම ඒ ගැන මමයි කතා කළේ. මම උපන් ගෙයි යූඇන්පී කාරයෙක්‌. එදා අපේ නීතිඥ සංගමයේ හිටපු ලේකම් මේ ගැන වචනයක්‌ කතා කළේ නැහැ. මම උප ලේකම් විදිහට මේ ප්‍රශ්නය කතා කළා. 

ප්‍රශ්නය - මෙවැනි අභූත චෝදනා වෙබ් අඩවි සහ සමහර පුවත් පත් මගින් එල්ල වෙනවා නම් ඒ සඳහා අධිකරණය මගින් පිළිතුරු ලබා නොදෙන්නේ ඇයි...? 

පිළිතුර - අන්න එතැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ... නඩුකාරවරුන් කියන්නේ සීමාසහිත ජීවිත ගත කරන පිරිසක්‌. ඔවුන්ට මේ අභූත චෝදනා සඳහා පිළිතුරු ලබා දීමේ හැකියාවක්‌ නැහැ. ඔවුන්ට එය මාධ්‍යයට කීමේ හැකියාවක්‌ නැහැ. මම මැලේසියාවේ ගිහිල්ලා නැහැ කියන්න ගංගොඩවිල මහෙස්‌ත්‍රාත්තුමාට ඉඩක්‌ නැහැ. මේකට විරුද්ධව මම කතා කළේ නැත්නම්, මේ අභූත චෝදනා සියල්ල ඇත්ත කියලා රටේ මිනිස්‌සු හිතනවා. විනිසුරුවරුන්ට ස්‌වාධීන තීරණයක්‌ දෙන්න මේ රටේ ඉඩක්‌ නැද්ද...? සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම සඳහා විශාල වශයෙන් කටයුතු කරපු කෙනෙක්‌ මම. මේ වෙන දේවල් දකින කොට මට හිතෙන්නේ, මම එදා කළේ වරදක්‌ කියලයි. "පිහියෙන් කැපුණු තුවාලය කවදා හෝ සනීප වුවත් වචනයෙන් කරන ලද තුවාලය කවදාවත් සනීප වෙන්නේ නැහැ" කියලා කියමනක්‌ තියෙනවා. මේ විදිහට මාධ්‍යයෙන් තුවාල කරපුවාම, සමාජයේදී ඒවා කිසිම දවසක සනීප කරන්න බැහැ. මේ සඳහා කවුද වන්දි ගෙවන්නේ. ඒ විනිසුරුවරුන් වෙනුවෙන් කවුද පෙනී හිටින්නේ. 

බලන්න ලෙනින් රත්නායක සිද්ධිය. ඔහුට එරෙහිව එදා අභූත චෝදනා කළා. ඒ බොරුවට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. ලෙනින් රත්නායක කාන්තාවක්‌ දූෂණය කළා නම් ඔහු ඉන්න ඕනේ හිරේනේ. මේ කාන්තාව එවැනි පැමිණිල්ලක්‌ කිසිම තැනක කරලා නැහැ. ඒ වෙනුවෙන් ගමේ පොලිසියට පැමිණිල්ලක්‌ දාන්න බැරි නම්, ඔය කතා කරන අයට තිබුණානේ, පොලිස්‌ මූලස්‌ථානයට ගිහිල්ලා පැමිණිලි කරන්න. එහෙම පැමිණිල්ලක්‌වත් නැතුව අපි කොහොමද කියන්නේ ලෙනින් රත්නායක දූෂිතයෙක්‌ කියලා. කොටකෙතන නඩුව ගැන අපි කවුරුත් දන්නවානේ... සැකකරු පාපොච්චාරණයක්‌ පවා කළානේ. ඔහුව මරන්න ඕනේ කියලා සමහරු කිව්වනේ... අන්තිමට මොකද වුණේ...? පාපොච්චාරණයත් බොරු ... පරීක්‌ෂණයත් බොරු වුණානේ... ලෙනින් රත්නායක ගැන එහෙම කිසිම පරීක්‌ෂණයක්‌ කළේ නැහැනේ... ඒ ගැන පැමිණිල්ලක්‌ කළේ, ලෙනින් රත්නායක. එදා තමයි නඩුකාරයන් දූෂිතයන් කියලා කියන්න පටන් ගත්තේ. අපි දැන්වත් මේ බොරුව හෙළිකරන්න ඕනේ.

ප්‍රශ්නය - මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන් තානාපති තනතුරු භාරගත් ඔබ, ඒ ආණ්‌ඩුවෙන් අධිකරණයට එරෙහිව විවිධ කාරණා මතුවෙනකොට වරප්‍රසාදවලට නතුවෙලා, සද්දයක්‌ නැතුව හිටියා කියලා චෝදනාවක්‌ තියෙනවා... ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන කොට ඔබ මේ වගේ කතා කළේ නැහැනේ...

පිළිතුර - ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරන හදනකොට මම පෙළපාලි ගියා. එහෙම පෙළපාලි ගිය එකම එකම ජනාධිපති නීතිඥයා මම. මහින්ද රාජපක්‌ෂ මහත්තයාව මම ඒ වෙලාවේ හම්බුවෙන්න ගියා. "මේක කළොත් ඔබට විශාල අගතියක්‌ වෙනවා. මේක ඔබට නරකට හිටිනවා" කියලා මම එතුමාට කිව්වා. මම එතැනදී ආණ්‌ඩුවට විරුද්ධවයි කටයුතු කළේ. රිෂාඩ් බදිවුදින් අධිකරණයට ගල් ගැහැව්වම ඒ වෙනුවෙන් පෙනී සිටියේ මමයි. අයිලන්ඩ් පත්තරේට ඒක ඉස්‌සෙල්ලාම ලිව්වේ මමයි. නීතිපතිවරයා හම්බුවෙලා ඒකට නඩු දාන්න කියලා කිව්වේ මමයි. ඒ සඳහා කටයුතු කරගෙන යන කොට සුහද ගම්ලත් මහත්තයාව නීතිපති තනතුරෙන් ඉවත් කළා. වැරද්ද කොතැන වුවත් මම ඒ ගැන කතා කළා. මම අද කතා කරන්නේ මහින්ද රාජපක්‌ෂගේ පැත්තේ ඉඳලා නෙමෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී මම වැඩ කළේ, මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන්. මට ඔහු ගැන විශාල විශ්වාසයක්‌ තිබ්බා.

ප්‍රශ්නය - ඔබට ඔය වේදනාව දැනෙන්නේ දුමින්ද සිල්වාගේ නඩුව සඳහා පෙනී සිටීම නිසා යෑයි චෝදනාවක්‌ නැගිය හැකියි. ඔවැනි ගණයේ චෝදනාවක්‌, වෙබ් මාධ්‍ය ජාල මගින් එල්ල වුණු එක්‌ විනිසුරුවරයෙක්‌ වන්නේ දුමින්ද ඇතුළු පිරිසව නිදහස්‌ කරන ලද මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න. ඔබගේ මෙම මහන්සිය ඒ වෙනුවෙන්ද...? 

පිළිතුර - ඔය චෝදනාව වැරදියිනේ... මම දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටියේ මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී. ඊට පස්‌සේ ඒ අය වෙනත් නීතිඥයන් මාර්ගයෙන් තමයි, මහාධිකරණයේ නඩුව සඳහා මුහුණ දුන්නේ. සාමාන්‍ය විදිහට ගත්තොත් දුමින්ද නිදහස්‌ කරන එකට මම විරුද්ධ වෙන්න ඕනෙ නේ... මගේ සේවය මහෙස්‌ත්‍රාත් උසාවියේදී අරගෙන මහාධිකරණයේදී නොගත්තාට හොඳ මට්‌ටුවක්‌ වුණා නේද කියලා මම සතුටු වෙන්න ඕනෙනේ... අර කාලකන්නි සතුට ලබන්න ඕනෙ නේ... මම එහෙම හිතන්නේ නැති වුණාට සාමාන්‍යයෙන් එහෙමනේ කල්පනා කරන්නේ... මෙතැනදී දුමින්ද කියන සාධකය ඉවත් කරන්න. 

දුමින්ද ඇතුළු පිරිස නිදහස්‌ කළා කියලා, ඒ නඩුකාරතුමාට මඩ ගහන එක හරිද...? එතුමාට තමන්ගේ ස්‌වාධින තීන්දුවක්‌ ප්‍රකාශ කරන්න බැරිද...? ශිරාන් ගුණරත්න කියන්නේ වැදගත් මහත්මයෙක්‌ කියන එක මම බය නැතුව කියනවා. ශිරාන් ගුණරත්න මහත්මයා අද ඉන්නේ දරුණු කළකිරීමක බව මට ආරංචියි. එතුමා දැන් තමන්ගේ ජීවිතය පවා නොවැදගත් බව සිතන තැනක ඉන්නවා කියලා මට ආරංචි වුණා. ශිරාන් ගුණරත්න මහත්මයා වාණිජ මහාධිකරණයේ හිටියේ. එතැන කතා කරන්නේ ඩොලර් ලක්‌ෂ ගණන් වල නඩු. කිසිම දවසක්‌ කිසිම නීතිඥවරයෙක්‌ හෝ පාර්ශවකරුවෙක්‌ නිකම්වත් ඒ මහත්තයාට දෝෂාරෝපණය කරලා නැහැ. ඒ සුපිරිසුදු බව නිසා තමයි, අගවිනිසුරුවරයා විසින් මේ විශේෂ මහාධිකරණයේ සභාපති වශයෙන් එතුමා නම් කළේ.

ප්‍රශ්නය - ඔබගේ මහා හඩ නැගීම අවසානයේ දී නඩුකාරවරු දෙදෙනෙකු සම්බන්ධව පමණයි කතා කළේ...

පිළිතුර - එසේ වුවත් එය සුළු පටු දෙයක්‌ද...? ලෙනින් රත්නායකට එදා එල්ල කළ අසත්‍ය චෝදනා ප්‍රහාරය නතර කර ගත්තා නම්, අද අධිකරණයට මේ ඉරණම අත්වන්නේ නැහැ. මේ වෙබ් අඩවි ප්‍රහාරය එල්ල වන්නේ නඩුකාරවරු දෙදෙනෙකුට විතරක්‌ නෙමෙයි. අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අලුවිහාරේ, උපාලි අබේරත්න, අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එම්.එම්. නවාස්‌, එම්.ඒ.එම්. ගපුර්, රෝහිනී වල්ගම, ලලිත් ජයසුරිය, දීපානි විඡේසුන්දර, මහාධිකරණ විනිසුරුවරු වන සරෝජනී කුසලා වීරවර්ධන, ශිරාන් ගුණරත්න, දමිත් තොටවත්ත, මොහාන් සෙනෙවිරත්න, සුමුදු ප්‍රේමචන්ද්‍ර, මේනකා විඡේසුන්දර, මංජුල තිලකරත්න, මහෙස්‌ත්‍රාත්වරුන් වන ගිහාන් පිලපිටිය, කනිෂ්ක විඡේරත්න, රංග විමලසේන, කාවින්දි නානායක්‌කාර නිලුපුලි ලංකාපුර කියන විනිසුරුවරුන්ට මේ වෙබ් අඩවිකාරයෝ ප්‍රහාර එල්ල කළා. 

ප්‍රශ්නය - මේ ආණ්‌ඩුව පත්වුණාට පසුව ඔබට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂක තනතුරක්‌ ලැබුණා. ඒ වගේම ඔබ ජනාධිපති නීතිඥයෙක්‌, ඔබට තිබෙන මේ පහසුකම් උපයෝගී කරගෙන වැරදි පුවත් පළ කරන වෙබ් අඩවිවලට එරෙහිව ඉතා පහසුවෙන් පියවර ගත හැකියි...

පිළිතුර - මම මට ලැබිලා තියෙන තනතුර අයථා ලෙස උපයෝගී කරගන්නේ නැහැ. එහෙම කරනවා නම් මේ විදිහට ජනතාව දැනුවත් කරගෙන මගේ මතය ක්‍රියාවට නගන්නේ නැහැ. මම මේ නීති විරෝධී වෙබ් කාරයන්ට එරෙහිව කටයුතු කරන්නෙත් නෛතික මාර්ගයෙන්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4407415171088198438

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item