ETCA ගැහුවොත් උතුරු මුහුද වසරකට දින 85ක් තමිල්නාඩු ධීවරයින්ට

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම නිසා වසරකට දින 85ක කාලයක් උතුරැු මුහුදේ ඉන්දීය ධීවරයින්ට කිසි අවසරයකින් තො...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම නිසා වසරකට දින 85ක කාලයක් උතුරැු මුහුදේ ඉන්දීය ධීවරයින්ට කිසි අවසරයකින් තොරව මසුන් ඇල්ලීමේ අවස්ථාව ලැබෙන බව අවස්ථාව උදාවෙන බව උතුරු එක්සත් ධීවර සමිති සන්ධානය කියයි.

මේ හේතුවෙන් උතුරේ ධීවරයෝ නොසන්සුන් වී සිටින අතර ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධයද පල කරති.

වර්තමායේදීද ක‍්‍රියාත්මක වන මසකට දින 03 බැගින් ඉන්දියානු ධීවරයින් උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට අවස්ථාව දීම නිසා මෙරට ධීවරයින් මසකට රුපියල් කෝටි 20ක මුදලක් අහිමි වන්නේ යයිද සමිති සන්ධානයේ සභාපති එස්. එම්තියාස් පිල්ලෙයි කියා සිටී.

උතුරු මුහුදේ සතියකට දින 03ක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 700-1200ක් වැනි ප‍්‍රමාණයක් මසුන් අල්ලන බවත් ඔවුන් දමන දැල් නිසා මුහුදු පතුලේ මුහුදු කූඩැල්ලගේ සිට සියලු සාගර සම්පත් විනාශ වන නිසා තවත් වසර 05ක්වත් උතුරු ධීවරයින්ට මත්ස්‍ය සම්පතක් ඉතුරු නොවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6985665113974957774

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item