ලසන්ත ඝාතකයා වරද පිලිගනී. බුද්ධි අංශයට ලිපියක් ලියා තබා එල්ලී මැරේ(VIDEO)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බල...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරියෙකු අද (14) අලුයම සිය නිවසේදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කරඬුපන දෙහිපිටිය පාරේ පදිංචි 52 හැවිරිදි ඉන්දරගේ ජයමාන්න නමැති විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකි.

කෑගල්ල පොලිසිය සඳහන් කළේ කරඬුපන, දෙහිපිටිය ප්‍රදේශයේ පදිංචි මොහු 52 හැවිරිදි තිදරු පියෙකු බවයි. 

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔහුගේ නිවසේ මුළුතැන්ගෙයි වහලයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ගෙළ වැළලාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදු කිරීමට නියමිතය.

ඔහුගේ ලිපිය සහ වීඩියෝව පහතින්.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2831234412934470064

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item