කලාකරුවන් පිරිසක් ජනපති වර්ජනය කිරීමට සැරසෙයි

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින්...

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇවන්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (14) රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ කලාකරුවන්ගේ සාකච්ඡාවකට සහභාගී නොවීමට ඊට ආරාධනා ලැබූ කලාකරුවන් පිරිසක් තීරණය කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 11 දින සහිතව ජනාධිපති පෞද්ගලික ලෙකම් එරික් ප්‍රසන්න වීරවර්ධනගේ අත්සනින් යුතුව ලිපියක් මගින් කලාකරුවන් අමතා ඇති අතර එහි දක්වා ඇත්තේ කලාවේ අභිවෘද්ධිය සඳහා රාජ්‍ය දායකත්වය ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරිමට අද සවස 5ට කොටුව ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසයි.

එම ලිපිය සිය ෆේස්බුක් ගිණුමට යොමුකර ඇති ලක්ෂ්මන් මෙන්ඩිස් රංග ශිල්පියා අවධාරණය කර තිබෙන්නේ පුරවැසි බලය නියෝජනය කරන කලාකරුවන් ජනාධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී නොවීමට තීරණය කළ බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ එහිදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් දක්වන ලද අදහස් හේතුවෙන් සාකච්ඡාවට සහභාගී නොවීමට තමන් තීරණය කළ බවද ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ දැක්වෙනවා.

මේ අතර සිවිල් සංවිධාන රැසක එකමුතුවෙන් අද කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද ජනාධිපතිවරයාගේ අදාළ සාකච්ඡාවට තමන් සහභාගී නොව බව සංවිධාන කිහිපයක කලාකරුවන් මෙහිදී ප්‍රකාශ කළා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8508539442581334403

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item