චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි

රැළියක් සාර්ථකද අසාර්ථකද යන්න මැනිය හැක්කේ අතේ කරගැටවලින් වත්, උගුර ලේ රහ වෙනකල් කෑගැසීමෙන් වත්‍ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලි...

රැළියක් සාර්ථකද අසාර්ථකද යන්න මැනිය හැක්කේ අතේ කරගැටවලින් වත්, උගුර ලේ රහ වෙනකල් කෑගැසීමෙන් වත්‍ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

රැළියක සාර්ථකභාවය මැනිය හැක්කේ ඊට ලැබෙන ජනතා සහයෝගයෙන් බවත්, ඒ අනුව රත්නපුර රැළියට ජනතා සහයෝගය උපරිමයෙන් ලැබුණු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(10)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී සවිස්තරාත්මකව අදහස් දැක්වූ ඔහු,

වැට් පනතට මෙදාත් වැඩ වරදි ?

මොන්ටිසෝරි යමපාලන බබාලා එකතු වෙලා අතිවිශිෂ්ට හතරවන අවස්ථාවටත් වැට් බදු පනත් කෙටුම්පත ඇණ ගෙන තිබෙනවා. පසුගිය දෙවතාවේ සිදු කළ වැරදි නිවැරදි කර ගෙන තිබුණත් අළුත් වැරදි කරලා තිබුණා. ඒ නිසා මෙම වැට් බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඈ), 12(1) සහ 12(2) සහ 14(1)(උ) යන වගන්ති වලට පටහැනි බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. 

නිදසුනක් ලෙස ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය. ඒ අනුව ජනතාව යම් වර්ගීකරණයක් කරනවා නම් ඒක තාර්කික විද්‍යාත්මක පදනමක් සිට කලේ නැති නම් මේ වගන්තියට පටහැනි වෙනවා. දැන් වැට් පනතේ වකුගඩු රෝගීන්ගේ පාරවිලනය නැතිනම් ඩයලිසිස් කිරීම වැට් බද්දෙන් නිදහස්. නමුත් අනෙකුත් පාරවිලනයන් එහෙම නෑ. බාහිර රෝගීන් වැට් බද්දෙන් නිදහස්. නමුත් නේවාසික රෝගීන් වැට් බද්දට යටත්. මෙවැනි අතාර්කික වර්ගීකරණයකට 12(1) වගන්තියෙන් ඉඩක් නෑ.

මැයි 02 සිට ජූලි 11 දක්වා ආණ්ඩුව නීති විරෝධිව එකතු කරපු වැට් බද්ද මේ පනතෙන් නීත්‍යානුකූල කරන්න උත්සාහ දරලා තිබෙනවා. පාර්ලිමේන්තුවට අතීතයට බලපාන්න නීති හදන්න පුළුවන්. නමුත් අතීතයේ නීති විරෝධි ක්‍රියාවක් දැන් නීත්‍යානුකූල කරන්න බෑ.ඒ නිසා එමගින් ජනතාව අනාරක්ෂිත තත්වයට පත්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය වීමක් සිදුවෙනවා.

මේ නඩුවේදී මා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටිනවා. මේ පනත 3 වන වගන්තියට පටහැනි බවට තීරණය වුණොත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. 4, 12 හෝ 14 වගන්තියකට පටහැනි බව තීරණය වුණොත් තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.

පසුගිය වතාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ව්‍යවස්ථාවේ තිබෙන පටිපාටිය අනුගමනය කරමින් වැට් බදු පනත් කෙටුම්පත ඉදිරිපත් කර නැති නිසා නිසි පරිදි ඉදිරිපත් කළ පනතක් පාර්ලිමේන්තුවේ නෑ කියලා. එනම් ශූන්‍ය බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මෙම කෙටුම්පතේ පසුගිය වතාවේ වගේම පටිපාටිමය දෝෂයක් තිබෙනවා. ඒ නිසා නිසි පරිදි සැකසූ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එසේ කලොත් නැවත මුල සිටම හතර වන වතාවටත් ඉදිරිපත් කරන්න වේවි. ඒ පටිපාටිමය දෝෂය මාධ්‍ය හමුවේ දී හෙලි කරලා මගේ නඩුව දුර්වල කර ගන්න මා කැමති නෑ. ඒක අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය සිදු කරන දවසේ දී කරන්නම්. දැනට ඒක රටක් වටින වැට් රහසක්.

මේ කිසිම දෙයක් නොවුණත් දැනටමත් ජනතාව දිනලා ඉවරයි.ඔක්තෝම්බර් 18 දා විවාද කරලා වැට් පනත සම්මත කරන්න තමයි ආණ්ඩුව බලාපොරොත්තු වුණේ. නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එන තුරු පාර්ලිමේන්තුවට වැට් පනත විවාද කරන්න බෑ.

යමපාලනයේ වැඩ හෙමින් ගමන උඩින්

පසුගිය 06 වන බ්‍රහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවේ ලොක්කන්ගේ ගුවන් සවාරි පිලිබඳ මතු කළ ප්‍රශ්නයක් නිසා රටම උණුසුම් වුණා. එදා පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය අහපු වෙලාවේ ආණ්ඩු පක්ෂයෙන් මට පුදුම බාධාවක් එල්ල වුණේ. බලන කොට හොර ගුවන් සවාරි ගිය ෆොන්සේකා ඇමතිතුමා ඇතුළු පිරිස තමයි මට ප්‍රශ්නය අහන්න බාධා කලේ. ඒ අවසරය පාවිච්චි කරලා වාචිකව පිළිතුරු ඉදිරිපත් කරන්න කියා මා ඉල්ලාතිබියදීත් රුවන් විජේවර්ධන ඇමතිතුමා ඒක සභා ගත කලා. ප්‍රශ්නය අහපු මටත් පිලිතුර ලැබුණේ පසුව දා. නමුත් එදාම ඒක අරගෙන රටට හෙලි කරන්න තරම් අපේ මාධ්‍යවේදින් දක්ෂ වුණා.

මාධ්‍ය පල කලේ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ලබා දුන් පිලිතුර. ඒකෙන් කිසිම වරප්‍රසාද උල්ලංඝණය වීමක්නීතියක් කඩ වීමක් සිදුවී නෑ. පාර්ලිමේන්තුවේ වාචිකව ප්‍රකාශ කලත් සභා ගත කලත් ඒ පිලිතුරු දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. අද මාධ්‍යවේදින් බැනුම් අහන්නේ ඒ අයිතිය රැක දුන් නිසා. ඒ පිලිතුරේ වැරදි තොරතුරු අඩංගු නම් ඒකට අපට වග කියන්න බෑ. අපි නිවැරදිව ප්‍රශ්නය අහලා තිබෙනවා. ඒකට නිවැරදි පිලිතුර ලබා දීම ආණ්ඩුවේ වැඩක්.

රටේ සංවාදයට භාජනය වුණේ ඇමතිවරුන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් සවාරි යෑම පිලිබඳයි. තවත් සමහර ඇමතිවරු අමාත්‍යංශ මුදල් ගෙවා ගිහින් තිබෙනවා. ඇත්තටම ඇමතිවරුන්ට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන වෙන් කර නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රතිපාදන තිබෙන්නේ ජනාධිපති, අගමැති, කතානායක සහ අගවිනිසුරු යන අයට පමණයි. මේ අය විපක්ෂයේ ඉන්න කාලයේ නම් ජනාධිපති හෙලිකොප්ටරෙන් යන එකත් විවේචනය කලා. නමුත් දැන් ආණ්ඩුවේ මුදලින් මේ අය උඩින් ගිහින්. මේකද සරල ජනාධිපතිගේ යහපාලන ආණ්ඩුව කියල අපිට අහන්නට වෙනවා. 

අගමැතිතුමා මම ප්‍රශ්නය ඇසීමට අදාල කරගත් මාස 16ට ලක්ෂ 181ක් වැය කරලා ගමන් 35ක් ගිහින්. රිෂාඩ් බදුර්දීන්, රවි කරුණානායක, ෆයිසර් මුස්තාෆා, එම් එල් එම් හිස්බුල්ලා, සාගර රත්නායක සහ වජිර අබේවර්ධන ඇමතිවරු මුදල් ගෙවා ගුවනින් ගිහින් තිබෙනවා. මේ සඳහා අමාත්‍යාංශ වලට මුදල් කොහෙන්ද කියන ප්‍රශ්නය අපි මතු කරනවා. පාර්ලිමේන්තුවේ අනුමතකල අය වැයේනම් අභ්‍යන්තර ගුවන් ගමන් සදහා කිසිදු ප්‍රතිපාදනයක් ඇමතිවරුන්ට වෙන් කර නැහැ. එහෙමනම් මෙහෙම නාස්ති කිරීමට මහජන මුදල් කොහෙන්ද යන ප්‍රශ්නයට අද ආණ්ඩුව උත්තර දෙන්න ඕන. 

ඒ වගේම ගුවන් හමුදාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීම පිලිබඳ ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනෑ. සමහර අමාත්‍යාංශ ලේකම්වරුන්ට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. තවන් සමහර අයට ඒ අවස්ථාව නෑ. වරාය අධිකාරියට රූපවාහිනි සංස්ථාවට නොමිලේ ගුවන් සවාරි ලබා දීලා. මන්නාරමේ සුප්‍රකට බිෂොප්තුමා වන රායප්පු ජෝසෆ් බිෂොප්තුමාට නොමිලේ ගුවන් සවාරි. නමුත් එවැනි විවාධාත්මක චරිතයක් නොවන යාපනේ බිෂෝප්තුමාට ඒ අවස්ථාව ලබා දීලා නෑ.

මහ බැංකු අධිපති යාල වනයට නිවාඩු ගත කරන්න යන්නෙත් හෙලිකොප්ටරයෙන් කියා මාධ්‍ය පල කරලා තිබුණා. මේ වාර්තාව අනුව පලමු මාස 16 තුල මහ බැංකුව ගුවන් සවාරි සඳහා ලක්ෂ 51ක් වැය කරලා තිබෙනවා. මේ නාස්ති කරන්නේ මහජන මුදල්. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාවෙන් ඉපයූ ලාභයෙන් සිය පුතුට හෙළි කොප්ටරයක් අරන් දුන් බවට රාවයක් පැතිරී යනවා. ඒකත් මහජන මුදල්. මෙතනත් මහජන මුදල් සෘජුවම සිය සුඛ විරණය සදහා පාවිච්චි කර තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ගුවන් ගමන් පිලිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනෑ. එය රටට හෙළි කරන්න ඕනෑ. ඒ වගේ ම ආණ්ඩුවේ ලොකු ලොක්කන් මහජන මුදලින් අහසේ සැප ගැනීම නවත්තලා පොරොන්දු වූ සරල කම ක්‍රියාවෙන් පෙන්නන්නකියලා අපි ආණ්ඩුවට කියා සිටිනවා. 

සංහිඳියාවට සදහා අත්අඩංගුවට ගත යුත්තේ ඒ අයද? මේ අයද?

රටේ සංහිඳියාවයාව ගොඩ නගන්න තිබෙන්න බාධාව ඥාණසාර හාමුදුරුවන්, විමල් වීරවංශ මන්ත්‍රිතුමා සහ මමලු. අපි තුන් දෙනා හිරේ දමන තුරු සංහිඳියාව ගොඩ නගන්න බෑ කියලා උතුරු පලාත් සභාවේ මන්ත්‍රි සී මයුරන් ප්‍රකාශ කරලා තිබ්බා. අනේ අපි නම් සංහිඳියාවට කිසිම බාධාවක් කලේ නෑ. ආණ්ඩුව මාස විස්සක් තටමලා සංහිඳියා වැඩසටහනක් හදා ගත්තා. ඒක හැදුවේ චන්ද්‍රිකා නෝනා නායකත්වය දෙන සංහිඳියා කාර්යාලයෙන්. ඒක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කලේ ජනාධිපතිතුමා. නමුත් මනෝ ගනේෂන් ඇමතිතුමාගේ විරෝධය නිසා ඒ ඇමති මණ්ඩල පත්‍රිකාව සම්මත කර ගන්න ජනාධිපතිට බැරි වුණා. තමන්ගේ අමාත්‍යාංශයට චන්ද්‍රිකා නෝනා ඇඟිලි ගහනවා කියා ගනේෂන් ඇමතිතුමාගෙන් පැමිණිලි. මේ දෙන්නාගේ ගැටුම නිසා තමයි ආණ්ඩුවේ සංහිඳියා වැඩපිලිවෙල ඇණ හිටලා තිබෙන්නේ. ජනපතියි අගමැතියි එකතු වෙලා රටේ සංහිඳියාව හදන්න කලින් සංහිඳියා ලොක්කයි ලොක්කියි අතරේ සංහිඳියාව හදන්න ඕනෑ. සංහිඳයාවට බාධා කරන අය අත්අඩංගුවට ගන්න ඕනෑ නම් ගත යුත්තේ අපව නොවේ. සංහිඳියාවට රණ්ඩු කරන චන්ද්‍රිකා නෝනා සහ ගනේෂන් ඇමතිතුමා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5170473315193474426

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item