පුරවැසි බලය කියන්නේ පොලීසියක් - ඩිලාන් පුරවැසි බලයට තදින් පහර දෙයි (VIDEO)

පුරවැසි බලය සංවිධානය යනු පොලීසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ ක...

පුරවැසි බලය සංවිධානය යනු පොලීසියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියෙක් විසින් හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ වත්මන් ජනාධිපතිවරයා විරසක කිරීමට ඩිලාන් අමාත්‍යවරයා කටයුතු කරන බවට පුරවැසි බලය සංවිධානය සිදුකරන ප්‍රකාශය පිළිබඳව විමසීමේදී අමාත්‍යවරයා මෙය ප්‍රකාශ කළේය.

එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමාට චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය සමඟ මතවාදීමය ගැටුමක් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සහ එහි මධ්‍යම කාරක සභාව තුළ තමාට දේශපාලනමය වශයෙන් ගැටීමට හැකි බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,"දැන් ශ්‍රී ලංකා නිදහස් පක්සයේ තීන්දු තීරණ ගැනීම අපි භාරදෙන්න ඕනි පුරවැසි බලයට. එයාලා කටයුතු කරන්නේ හරියට ලංකාවේ සියළුම දෙනා එයාලගෙන් අහන්න ඕන වගේ. නඩු අහන්නේ ඒගොල්ලො. විගණනය කරන්නේ ඒගොල්ලො. මාධ්‍ය හැසිරෙන්නේ ඒගොල්ලොන්ට ඕන විදියට. නැත්තම් මාධ්‍යට බනිනවා. මේක අර ඥානසාර හාමුදුරුවන්ගේ සිවිල් එක.මෙතන සිවුරක් නෑ. එච්චරයි. සිවුර නැතුව ඒ දේමයි කරන්නේ. මේක පොලීසියක්. යහපාලනේ කියන්නේ ඕකද " යනුවෙන් කියාසිටියේය.

වීඩියෝව පහතින්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8482566537201865600

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item