සීකා ආසියාව තුළ තවදුරටත් පැතිරීමේ වැඩි ඉඩක් - WHO

සීකා වෛරසය ආසියාව තුළ තවදුරටත් පැතිරීමේ වැඩි ඉඩක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි. ඒ අනුව, සීකා වෛරසයට ගොදුරු වූ සිදුවී...

සීකා වෛරසය ආසියාව තුළ තවදුරටත් පැතිරීමේ වැඩි ඉඩක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.

ඒ අනුව, සීකා වෛරසයට ගොදුරු වූ සිදුවීම් සිය ගණනක් මේ වනවිටත් සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති බවත්, එමෙන්ම, හිස කුඩා බිළිඳුන් ඉපදීමේ සිදුවීම් දෙකක් තායිලන්තයෙන් වාර්තා වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මදුරුවන්ගෙන් පැතිරෙන මෙම වෛරසය මේ වනවිට ලොවපුරා රටවල් 70ක හඳුනාගෙන ඇති අතර, ඉන් රටවල් 19ක් ආසියානු පැසිෆික් කලාපයේ රාජ්‍යයන් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂිකා මාග්‍රට් චෑන් මහත්මිය පවසන්නේ මෙම වෛරසය පිටුදැකීම සඳහා වූ මාර්ගයන් විශේෂඥයන් විසින් තවමත් සොයමින් සිටින බවයි.

අවාසනාවකට මෙම වෛරසය හා බැඳුණු ඉතා බරපතල ප්‍රශ්නයන්ට තවමත් එම විශේෂඥයන්ට පිළිතුරු සපයාගැනීමට නොහැකි වී ඇති බවද ඇය පවසා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරිය මෙසේ අදහස් දක්වා සිටියේ පසුගියදා පිලිපීනයේ මැනිලා නුවරදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික කලාපීය සමුළුවට සහභාගී වෙමිනි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3265360750252783557

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item