ටිරාන් නොවැම්බර් 10 තෙක් රිමාන්ඩ්

රාඩා ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 200ක මූල්‍ය වචාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා තවත් දෙදෙනෙකු ලබන ...

රාඩා ආයතනයේ සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන 200ක මූල්‍ය වචාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා තවත් දෙදෙනෙකු ලබන නොවැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සෙසු දෙදෙනා වන්නේ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය හා එහි ගණකාධිකාරී ජයන්ත ඩයස් සමරසිංහ යන දෙදෙනාය.

ටිරාන් අලස්, රාඩා හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

වසර 2005 දෙසැම්බර් මස 01 සහ 2006 වසරේ පෙබරවාරි මස 08 වැනිදා අතර කාලයේදී කොළඹ දී හා කිලිනොච්චියේදී රජය සතු රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධී පරිහරණය, ඒ සඳහා අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ පොදු දේපළ පනත අනුව කොළඹ මහාධිකරණය හමුවෙහි නීතිපතිවරයා ටිරාන් අලස්ට එරෙහිව අදාළ නඩුව පවරා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9137489273677273241

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item