‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ බිහිවෙයි

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස...

‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ බවත් එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් දරණ බවත් ඒකාබද්ධ විපක්ෂය කියයි.

නම හෙළි නොකිරීමේ පදනම යටතේ ඔහු කියා සිටියේ පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය අනුව මේ පියවර ගත් බවයි.

නව පක්ෂයට නායකයකු තවම පත්කර නැතැයි ද ඔහු කීවේය. එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම්ය.

නව පක්ෂයේ නායකයා බොහෝ දුරට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විය හැකි බවත් මේ පක්ෂය ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පිහිටවූ බවත් දේශපාලන ආරංචි කියයි.

නව පක්ෂයේ ලාංඡනය මල් පොහොට්ටුවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8149338487309289541

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item