රණවිරුවගේ කකුල කැඩෙද්දී අවුරුදු 12ක් ගිහිල්ලද නැද්ද කියලා බෝම්බය බැලුවේ නෑ

කොළඹ ඕල්කට් මාවත අසල උද්ඝෝෂණයේ යෙදී සිටි ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන් විසින් කරන ලද ආරාධනයකට අනුව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධ...

කොළඹ ඕල්කට් මාවත අසල උද්ඝෝෂණයේ යෙදී සිටි ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයන් විසින් කරන ලද ආරාධනයකට අනුව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මමන්පිල එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

අද හදිස්සියේම අපි මෙතනට ආවේ, මේ රණවිරුවන් මාධ්‍ය හරහා විවෘත අරාධනාවක් කලා . ඒ වගේම රණවිරුවන් විශාල ප්‍රමාණයක් මට පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරලා ඉල්ලීමක් කරා අපේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. ඒ අතරේ අපිට තොරතුරක් ලැබුණා පොලීසිය අධිකරණයට ගිහිල්ලා මේ රණවිරුවන් ඉවත් කරන්න අධිකරණ නියෝගයක් අරන් තියෙනවා කියලා.

අද මම මේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ මේ රණවිරුවන් තමන්ගේ කකුල් දෙක පුජා කරලා ත්‍රස්තවාදය අවසන් කරපු නිසා. අද අපි ජීවත් වන සෑම තත්පරයක්ම, අපි හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා අපි මේ රණවිරුවන්ට ණයගැතියි. මේ රණවිරුවගේ කකුල කැඩේද් දී අවුරුදු 12ක් ගිහිල්ලද නැද්ද කියලා බෝම්බය බැලුවේ නෑ. අවුරුදු 12න් පස්සේ විශ්‍රාම වැටුප දෙන්නේ නෑ කියලා සිත්පිත් නැති බෝම්බය දන්නවා නම් මේ රණවිරුවන්ගේ කකුල උඩ බෝම්බය පත්තුවෙන්නේ නෑ. එහෙනම් ඒක ගිහිල්ලා අවුරුදු 12 කට වැඩි රණවිරුවෙක්ගේ පත්තු වේවි.

හැබැයි මේ අසාධාරණ රාජ්‍ය නීතිවලින්. තමන්ගේ කකුල එකවරක් පුජාකරාම තමන්ගේ සේවා කාලය කෙතරම් වුණත් අපහු රස්සාවට යන්න බෑ. තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න ක්‍රමවේදයක් නෑ. ආණ්ඩුව තේරුම්ගත යුතු දේ තමයි ජිවිතය පුජා කල රණවිරුවගේ පවුලට වඩා වැඩි පීඩනයක් අබාධිත රණවිරුවගේ පවුලට තියෙනවා. ජිවිතය පුජා කල රණවිරුවා ගිහිල්ලා. එතන හිඩසක් තියෙන්නේ. මෙතෙන්දි ආබාධිත රණවිරුවගේ පවුල නඩත්තු වෙන්න ඕනේ. ආබාධිත රණවිරුවට අවශ්‍ය උවැටන් කරන්න කෙනෙක් ඕනේ. බෙහෙත් හේත් කරන්න ඕනේ. ඇතිවෙලා තියෙන මානසික පීඩනයට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ නිසා ආබාධිත රණවිරුවෙක් වෙනුවෙන් ආණ්ඩුවෙන් ගෙවන දීමනාව අනිවාර්යෙන්ම මියගිය පවුලට වඩා වැඩිවෙන්න ඕනේ. සාමාන්‍ය විශ්‍රාමික රණවිරුවෙක්ට වඩා වැඩි වෙන්න ඕනේ. වැඩිවෙන්නේ නැති එක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නය සතයක්වත් ගෙවන්නේ නැතිවෙනවා අවුරුදු 55 වෙනකොට. ඒ නිසා මේ අය ආබාධිත තත්වයේ ඉන්න නිසා අවුරුදු 55 වෙනකොට ජිවිතය නැති වුණොත් ඒ දරු පවුල නඩත්තු වෙන්න කිසිම ක්‍රමවේදයක් නැති වෙනවා. ඒ නිසා මේක සාධාරණ සටනක්.

ඒ විතරක් නෙවෙයි ජාතියේ කෙළෙහිගුණ පිළිබඳ කරන ප්‍රශ්න කිරීමක්. ජිවත් වන ජනතාව තමන්ට ජිවත් වෙන්න ඉඩ සැලසු රණවිරුවන් වෙනුවෙන් කෙතරම් සංවේදි ද කියලයි අද මේ ප්‍රශ්න කරමින් ඉන්නේ. මන් හිතනවා රටේ ජනතාව, මාධ්‍ය මේ ප්‍රශ්නයට පෙන්වන සංවේදීතාව මත තමයි ආණ්ඩුවේ සංවේදීතාවය තිරණය වෙන්නේ. මොකද ආණ්ඩුව පැහැදිලි පෙරොන්දුවක් දුන්නා. දුමින්ද දිසානායක ඇමතිතුමා මාස 03න් අපි මේ ප්‍රශ්නය විසදනවා උද්ඝෝෂණය නතර කරන්න කියලා. එතුමාව විශ්වාස කරලා රණවිරුවන් ගෙදර ගියා. මාස 03ත් ගතවේද්දී මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුවට යුතුකමක් තිබුණා අපි තව කල් ඕනේ කියලා මේ අයට දැනුම් දීමක් කරන්න. එහෙම නොකිරීමෙන් පේන්නේ මේ ප්‍රශ්නයට ආණ්ඩුව සංවේදී නෑ කියලයි. ඒ නිසා රණවිරුවන්ට මහපාරේ බුදියගෙන ඉල්ලීම් ඉල්ලන සිදුවීම පිළිබඳ අපි හැමෝම ලැජ්ජාවෙන්න ඕනේ.

මේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් තියන්න ඕනේ නම් මේ මුදල් අනුමත කර ගන්න අපි ලැස්තියි සතියේ ඕනම දවසක පාර්මේන්තුව රැස් කරලා මේ කාරණය පිළිබඳ අනිවාර්යෙන්ම විවාද කරලා මේ මුදල් වෙන් කරලා දෙන්න. ප්‍රශ්නය මුදල් නම් අනෙක් ඕනෑම වැය ශිර්ෂයක් කපලා මේ වෙනුවෙන් මුදල් වෙන් කරන්න ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගේනවා නම් ඕනෑම දවසක ඒකට සහයෝගය දක්වන්න ඒකාබද්ධ විපක්ෂයේ අපි ලෑස්තියි. ඒ නිසා තවත් ප්‍රමාද නොකර මේ සාධාරණ අහිංසක ඉල්ලීම සම්බන්ධයෙන් කටයුතු කරන්න.

2014 දෙසැම්බර් 17වෙනිදා අමාත්‍ය මණ්ඩලය තීරණය අරන් ඉවරයි. ඒ වගේම 2015 ජුලි 30 වෙනිදා විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛනය යවලා ඉවරයි. විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛනය 8/2015/1 යුධ හමුදා. දැන් තියෙන්නේ මුදල් ටික වෙන් කරලා මේ ගෙවීම කරන්න විතරයි. නීතිමය බධා සියල්ල ඉවරයි. ආණ්ඩුවට මුදල් නැත්නම් වෙනත් ඕනැම අරමුදලකින් මේ මුදල් ගන්න භාණ්ඩාගාර ලේකම්ට පුළුවන්. ඒ මුදල් අරමුදල් වල ඇත්නම් සතියේ ඕනෑම දවසක හදිසියේ කැදවන්න පාර්ලිමේන්තුව. මොන මුල්ලේ සිටියත් අපි ඇවිල්ලා අපි මේකට අත උස්සනවා. මේ සියල්ල කිව්වට පස්සෙත් ප්‍රමාද වෙන්න හේතුවක් තියෙනවා නම් කරුණාකරලා හේතුව රටට කියන්න. ඒකට උත්තර හොයලා දෙන්න අපි ලෑස්තියි.

රණවිරු ප්‍රශ්නයට පක්ෂ පාට භේද තියෙන්න හොද නැති හින්දා මේකට පක්ෂ දේශපාලනය ගාව ගන්න ඕනේ නැති නිසා තමයි රණවිරුවන්ට මෙතෙක් නිහඬව මේ සටන කරගන්න ඉඩ දුන්නේ. නමුත් රණවිරුවන් නිහඩව කල ඒ සටනට අදේශපාලණිකව කල සටනට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදක්වපු නිසා තමයි අපි අද මෙතනට ආවේ. ඒ වගේම අපි අද කියනවා මොන නියෝග අරගෙන හරි රණවිරුවන්ට අත තියන්නත් අපි ඉඩ තියන් නෑ. මොකද රණවිරුවන්ගෙන් ණයට ගත් ජීවිතයක් අපි ගෙවන්නේ. 2019 මැයි 19 පස්සේ මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ රණවිරුවන්ගෙන් ණයට ගත් ආයු කාලයක්. ඒ නිසා මේ මහපොළොවේ ජීවත්වෙන හැමෝම රණවිරු ප්‍රශ්නයට මැදිහත්විය යුතුයි කියන ඉල්ලීම අපි කරනවා. සමස්ථ ජාතියටම රණවිරුවන්ට කළ ගුණ දැක්වීමට අවස්ථාවක් ලැබී තියෙනවා. මේ ප්‍රශ්නෙ දී ඔබ රණවිරුවන් එක්ක ඉන්න කළ ගුණ දත් කෙනෙක් කියල රටට පෙන්වන්න කියලා මේ රටේ සෑම පුරවැසියෙක් ගෙන්ම අපි ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5699879432112733173

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item