අගමැතිට එරෙහි විශ්වාසභංගයක්

මහබැංකු බැඳුම්කර සිද්ධියට වගකිවයුතු බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සැලසුම් කර ඇති...

මහබැංකු බැඳුම්කර සිද්ධියට වගකිවයුතු බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාව මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ගෙනඒමට සැලසුම්කර ඇතැයි  පුවත්පතට වාර්තාවේ.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සහ රජයට විරුද්ධව ජනමතයක් ගොඩනාගැනීම ඊට මූළිකම හේතුව වී ඇති බවද පැවසේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට යම් කාලයක් ලබාදිය යුතු බවත් එසේ නොවන්නේ නම් මෙම විශ්වාසභංග යෝජනාව අනිවාර්යයෙන්ම ගෙනආ යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අදහසවී තිබේ.

නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) සවස පැවැති කණ්ඩායම් රැස්වීමේදීද මේ පිළිබඳව අවධානය යොමුවී තිබේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දිනාගැනීමේ මෙහෙයුමක්ද ඒකාබද්ධ විපක්ෂය විසින්මේවන විටත් ආරම්භ කර ඇතැයි ද වාර්තාවෙයි.

අර්ජුන් මහේන්ද්‍රන් ට මහබැංකුවේ අධිපති ධුරය ලබාදුන්නේ ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැවින් මෙම මුදල් වංචාවට අදාළව නීතිමය කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකළහොත් අගමැතිවරයාට විරුද්ධව ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කරවීමට සඳහා ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පැවසීය.

මේ අතර විශ්වාසභංග යෝජනාවට පෙර අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඒකාබද්ධ නායකයන් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි   සඳහන් කළේය.බැඳුම්කර වංචාව සම්බන්ධව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02දා) සංදේශයක් බාරදීමට ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කල බවද  පවසා සිටියේය.

කෙසේ වෙතත් මේ මස 12 වැනිදා යළි පාර්ලිමේන්තුව අය වැය ඉදිරිපත් කිරීම හා විවාදය සඳහා මාසයක පමණ කාලයක් ගතවන බැවින් බැඳුම්කර සිදුවීම පිළිබඳව දින දෙකක විවාදය විශේෂ කරුණක් ලෙස සලකා පාර්ලිමේන්තුව නොකැඳවනු ලැබුවොත් අදාළ බැඳුම්කර විවාදය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් යනු ඇති බවද ප්‍රකාශ වේ. කෙසේ වෙතත් බැඳුම්කර විවාදය කඩිනමින් ඉල්ලා සිටීමටද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6582373983737616673

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item