ස්වාධීන වෘත්තිකයෝ 125ක් 'බැඳුම්කර වංචාව' පිළිබඳ අපක්ෂපාති නිදහස් පූර්ණ විමර්ශනාත්මක පරීක්ෂණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලම මූල්‍ය වංචාව ලෙස මෙතෙක් අනාවරණය වූ වාර්තා වලට අනුව සැලකෙන 'බැඳුම්කර' වංචාව සම්බන්ධයෙන් වහාම අල්...

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලම මූල්‍ය වංචාව ලෙස මෙතෙක් අනාවරණය වූ වාර්තා වලට අනුව සැලකෙන 'බැඳුම්කර' වංචාව සම්බන්ධයෙන් වහාම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පූර්ණ විමර්ශනාත්මක පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ස්වාධීන වෘත්තිකයෝ අත්සන් 125 කින් යුත් ලිපියක් 2016 නොවැම්බර් පළමුවෙනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාර දෙමින් ඉල්ලා සිටින ලදී.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහා බැංකු අධිපති ලෙස නව යහපාලන රජය පසුගිය 2015 වසරේ ජනවාරි අගදී පත්කිරීමෙන් පසු 2015 පෙබරවාරි මස සිට 2016 වසරේ මැයි මස තෙක් මහා බැංකුව විසින් සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් තුලින් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා - අර්ජන් ඇලෝසියස් මහතාට අයිති පපෙචුවල් ට්‍රේෂරිස් සමාගම සුවිශාල ලාභයක් ලබාගත් බව මේ වනවිට මාධ්‍යට සහ පොදු ජනතාවට මුදා හැර ඇති විවිධ ලිපි ලේඛන සහ වාර්තා මගින් පැහැදිලි වෙන බව එම ලිපියේ කරුණු ගෙන හැර පාමින් සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 109 පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ හෙවත් කෝප් (COPE) කමිටුවේ වාර්තාව (පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා 2016 ඔක්තෝබර් 28 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද), මාධ්‍ය හරහා හෙලිදරව් වූ හත්වෙනි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ප්‍රමුඛ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාවේ හෙවත් කෝප් (COPE) කමිටුවේ වාර්තාව, රජයේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා ප්‍රමුඛ කෝප් කමිටුවට බැඳුම්කර සම්බන්ධ ලබාදුන් විශේෂ වාර්තාව, මාධ්‍ය හරහා හෙලිදරව් වූ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් කරන ලද පපෙචුවල් ට්‍රේෂරිස් සමාගම පිළිබඳ විශේෂ විමර්ශන වාර්තාව ප්‍රධාන නිදසුන්ය.

තවද මෙම බැඳුම්කර වංචාවට අදාළව 2015 පෙබරවාරි මස 27 වෙනිදා පමණක් සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්තුවෙන් පමණක් එකල රටේ තිබුණු සියළුම ස්ථරයන්හි පොළී අනුපාත 2% කින් පමණ ඉහළයාම නිසා රටේ දේශීය මූල්‍ය පද්ධතියෙන් පමණක් රජය ලබාගත් ණය ප්‍රමාණයේ පොළිය ගෙවීම සඳහා රජයට රුපියල් බිලියන 100 ක් (කෝටි 10,000ක් ) පමණ පිරිවැයක් සොයාගැනීමට සිදුවී ඇති බව ස්වාධීන වෘත්තිකයෝ පෙන්වා දුන්හ.

රජය ජනතාවට 2016 නොවැම්බර් මස පළමු දින සිට පටවන වැට් (එකතු කළ අගය මත බද්ද) බද්ද 11% සිට 15% දක්වා 4% කින් ඉහළ දැමීමෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ ද රුපියල් බිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10,000ක් පමණ අදායමකි. මෙයින් ඔවුන්ට හැඟී යන්නේ ඉහත බැඳුම්කර වංචාවෙන් වූ පිරිවැය අලාභය වහා වළක්වා ගත්තානම් මහජනයාට බර පටවන මෙම වැට් බද්ද අනවශ්‍ය බවත්, මෙම අසාධාරණ පිළිවෙත ඔවුන්ට පිළිගත නොහැකි වන අතර මෙම බර මේ රටේ ජනතාව වෙත සෘජුව පැටවීමෙන් ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන බවත් ස්වාධීන වෘත්තිකයෝ තවදුරටත් පෙන්වා දුන්හ. තවද අක්‍රමිකතාවේ ප්‍රතිඵලයක් ලෙස දේශීය පොළී අනුපාත ඉහළ දැමීමෙන් රටේ සුළු ව්‍යාපාර මෙන්ම මහා පරිමාණ ව්‍යාපාර වල වර්ධනයට බලපාමින් ඔවුන්ගේ ණය බරද ඉහළගොස් ඇත්තේ ආර්ථිකයේ වර්ධනයද කඩාකප්පල් කරමිනි. මේ හැරුණු විට රටේ සාමන්‍ය පුරවැසියෙකුට රජයේ බැංකුවකින් ඇපයක් නොමැතිව සුළු ණය මුදලක් හෝ ලබාගැනීමේ අසීරු තත්ත්වයක් තුළ, කෝප් වාර්තාවෙන් දක්වන අන්දමට පපෙචුවල් ට්‍රේෂරිස් සමාගම රුපියල් බිලියන 66ක් (රුපියල් කෝටි 6,600ක්) වැනි විශාල මුදලක් තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් කිසිඳු ඇපකරයක් නොමැතිව, මහා බැංකුවේ දෛනික ද්‍රවශීලතා පහසුකම භාවිතා කරමින් ලබාගැනීම විශාල වංචනික ක්‍රියාවලියක් බව පැහැදිලිය යන්න ඔවුන් තවදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියහ.

"මෙවන් අතිවිශාල මූල්‍ය පහසුකමක් ලබාගැනීම රජයේ ප්‍රබල පුද්ගලයන්ගේ සහය හෝ අනුමැතිය නොමැතිව නොහැකියයි" ස්වාධීන වෘත්තිකයෝ 2016 නොවැම්බර් පළමුවෙනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට බාර දුන් ලිපිය මගින් පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වෙනි මහා බැංකු අධිපති වරයා ගේ බෑණාගේ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම - පපෙචුවල් ට්‍රේෂරිස් සමාගම රුපියල් බිලියන 10 ක් (කෝටි 1,000 ක්) තරම් සුවිශාල ලාභයක් මාස 13ක් වැනි සුළු කාලයකදී හම්බු කරගැනීමේදී, රටේ මූල්‍ය පද්ධතියට සම්බන්ධ මූල්‍ය පද්ධතියේ හදවත බඳු මහා බැංකුව, රාජ්‍ය බැංකු, වාණිජ බැංකු මෙන්ම මහා බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ පාලනය වන ලක්ෂ 24 පමණ වැඩකරන ජනතාවගේ ඉතුරුම් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම පාරිතෝෂික අරමුදල වෙන සේවක අර්ථසාධක අරමුදලේ ඇති මහජන මුදල්ද අකටයුතු ලෙස භාවිතා වී ඇති බව කෝප් වාර්තාවට අනුව මනාව පැහැදිලිය.

ඉහත සඳහන් කල මහජන මුදලින් සහ බදු මුදලින් පෝෂණය වෙන සහ යැපෙන මුලික රාජ්‍ය ආයතනය වෙන මහා බැංකුව සහ එහි මූල්‍ය මණ්ඩලය යටතේ පරිපාලනය වෙන සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට වැටෙන අතර රාජ්‍ය බැංකු, රජය විසින් වක්‍රව පරිපාලනය (බහුතර කොටස් හිමි කාරිත්වයෙන්) වෙන වාණිජ බැංකු ආර්ථික අමාත්‍යංශයට යටත් වෙන බවත්, එබැවින් මේ අමාත්‍යංශ දෙකම මේ සිදුවූ ජාතික අපරාධයට සහ මහා මූල්‍ය වංචාවේ 'සුදු කරපටි' වංචනික ක්‍රියාදාමයට වගකීම භාරගත යුතු බව ස්වාධීන වෘත්තිකයෝ පෙන්වා දුන්හ.

මෙම මහා වංචාව අප රටේ වර්තමාන පරම්පරාවලට මෙන්ම අනාගතයේ ඉපදීමට සිටින දරුවන්ටද බලපාන මහා ජාතික අපරාධයක් බැවින් මෙම බැඳුම්කර වංචාව පිළිබඳ පූර්ණ ස්වාධීන විමර්ශනයක් කර මෙයට සම්බන්ධ සියළුම පාර්ශවයන් නීතිය ඉදිරියට ගෙනයන මෙන් ස්වාධීන වෘත්තිකයෝ වන බව තව දුරටත් කාරුණිකව ඉල්ලා සිටින බව' ඔවුන් ප්‍රකාශ කරන ලදී.

1*මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි
2*මහාචාර්ය පූජ්‍ය ඉදූරාගාරේ ධම්මරතන හිමි
3*මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
4*මහාචාර්ය පූජ්‍ය මාගම්මන පඥානන්ද හිමි
5*ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමි
6*ආචාර්ය පූජ්‍ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි
7*ජේෂ්ඨ කතිකාචාර්ය වලපනේ ඥනසේන හිමි
8*කතිකාචාර්ය බලදොර ඉන්ද්‍රජෝති හිමි
9*ආචාර්ය නලින් ද සිල්වා
10*මහාචාර්ය සරත් ලේකම්වසම්
11*මහාචාර්ය සුජීව අමරසේන
12*මහාචාර්ය සිසිර සිරිබද්දන 
13*මහාචාර්ය එස් ආර් ඞී රෝසා
14*මහාචාර්ය සුදන්තලියනගේ
15*මහාචාර්ය ජනිතා ඒ.ලියනගේ
16*මහාචාර්ය සුනෙත් අගම්පොඩි
17*ආචාර්ය නාලක ගොඩහේවා
18*විශේෂඥ වෛද්‍ය සේනක ඩි පිලපිටිය
19*විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
20*විශේෂඥ වෛද්‍ය කේ ඒ සී වික්‍රමරත්න
21*විශේෂඥ වෛද්‍ය ඩි සී විජෙවික‍්‍රම
22*විශේෂඥ වෛද්‍ය එන් ඩි ලියනාරච්චි
23*විශේෂඥ වෛද්‍ය පී පී ජයවර්දන
24*විශේෂඥ වෛද්‍ය හර්ෂ ගමගේ
25*විශේෂඥ වෛද්‍ය කැලූම් දේශප්‍රිය
26*විශේෂඥ වෛද්‍ය උපේක්ෂා ලියනගේ
27*විශේෂඥ වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ
28*විශේෂඥ වෛද්‍ය ප්‍රේමසිරි මාපලගම
29*විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න වීරවංස
30*විශේෂඥ වෛද්‍ය චාමර සරත්චන්ද්‍ර
31*විශේෂඥ වෛද්‍ය රසිත විජේමන්ත 
32*විශේෂඥ වෛද්‍ය එස්. කේ. ආරම්ඹපොළ 
33*විශේෂඥ වෛද්‍ය එස්. කේ. ජයතිලක 
34*වෛද්‍ය වසන්ත බණ්ඩාර 
35*වෛද්‍ය නිෂාන්ත සුගුණපාල 
36*වෛද්‍ය උත්පල ඉන්ද්රවංශ 
37*වෛද්‍ය ප්රසන්න රණවීර 
38*වෛද්‍ය එච්. කේ. පෙරේරා 
39*වෛද්‍ය ඞී. එස්. පී. කොළඹගේ 
40*වෛද්‍ය සී. කේ. විජේසුරිය 
41*වෛද්‍ය ආර්. එම්. ටී. රාජපක්ෂ 
42*වෛද්‍ය චන්න ජයසුමන
43*වෛද්‍ය ඊශා වෛද්‍යරත්න
44*වෛද්‍ය චන්න යහතුගොඩ
45*වෛද්‍ය බුද්දික අබේරත්න
46*වෛද්‍ය අසන්ත ජයවර්ධන
47*වෛද්‍ය චින්තක විජේවර්ධන
48*වෛද්‍ය ජේ එම් එස් බී ජයසුන්දර
49*වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
50*වෛද්‍ය හෙළ විකුම් සිල්වා
51*වෛද්‍ය ජී පී එන් පෙරේරා
52*ආචාර්ය එම් ඒ ජේ වංශපාල
53*ආචාර්ය අයි එම් කේ ප‍්‍රනාන්දු
54*ආචාර්ය එච් එම් කේ හේරත්
55*ආචාර්ය එම් එම් ගුණතිලක
56*ආචාර්ය ඒ ඒ පී කීර්ති
57*ආචාර්ය ඩබ් ඒ පී ජේ පේ‍්‍රමරත්න
58*ආචාර්ය ආනන්ද එදිරිසූරිය
59*ආචාර්ය ප‍්‍රසාද් එම් ජයවීර 
60*ආචාර්ය ආර් එස් ලොකුපිටිය
61*ආචාර්ය එල් ජේ එස් උඳුගොඩ
62*ආචාර්ය කෙනත් ඞී. සිල්වා 
63*ජේෂ්ඨ කතිකාචාර්ය තමරා ද සිල්වා
64*ජේෂ්ඨ කතිකාචාර්ය පී ඩයස්
65*ජේෂ්ඨ කතිකාචාර්ය අනුර සරත් කුමාර
66*ජේෂ්ඨ කතිකාචාර්ය කේ ඞී එන් හේවගේ
67*ජේෂ්ඨ කතිකාචාර්ය මහෙන්ද්‍ර ගුනවර්ධන
68*ජේෂ්ඨ කතිකාචාර්ය චන්දිමා නිස්සංක
69*ජේෂ්ඨ කතිකාචාර්ය ඉන්ද්‍රජිත් අපොන්සු 
70*ජේෂ්ඨ කතිකාචාර්ය රාජා ගුණරත්න 
71*ජේෂ්ඨ ඉංජිනේරු ප්‍රියා ධර්මරත්න 
72*ඉංජිනේරු රසික ගුණවර්ධන
73*ඉංජිනේරු ඒ ඒ අයි එස් විජයවික්‍රම
74*රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර 
75*රියර් අද්මිරාල් (විශ්‍රාමික) මොහන් විජයවික්‍රම
76*මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී ඒ චන්ද්‍රසිරි 
77*නීතිවේදී ලලිත් යූ ගමගේ
78*නීතිවේදී නිමල් වලාකුළුආරච්චි
89*නීතිවේදී සමන් රේණුක නාරංගොඩ
80*නීතිවේදී අනුර සෙනෙවිරත්න
81*නීතිවේදී බර්ටි විමලසේන
82*නීතිවේදී එස් ජී ජී සංජන
83*නීතිවේදී කේ පී ඩි ගුණරත්න
84*නීතිවේදී කේ ඩි ඩි පියසිරි
85*නීතිවේදී නෝමන් රාජපක්ශ
86*නීතිවේදී ලලිත් පතිරණ
87*නීතිවේදී සෝමසිරි උඩුවැල්ල
88*නීතිවේදී ජගත් මාසකෝරාල
89*නීතිවේදී දයා විතාරණ
90*නීතිවේදී ලසන්ත විජේනායක
91*නීතිවේදී පී තිරාණගම
92*නීතිවේදී එස් විජේසේකර
93*නීතිවේදී චම්පිකා අමරසේකර 
94*නීතිවේදී යජීෂ් තෙන්නකෝන් 
95*හිටපු ලේකම් ඒ. එච්. ගමගේ 
96*හිටපු ලේකම් එස්. ලියනගම
97*හිටපු අතිරේක ලේකම් මහින්ද සමරසේකර 
98*තොරතුරු තාක්ෂණ විශේෂඥ දමිත වික‍්‍රමසිංහ
99* ජේෂ්ඨ අධ්‍යක්ෂක නිරන්ජන් දිසානායක
100*ව්‍යාපාර සාමාන්‍යධිකාරී ඉන්දික ලියනහේවගේ
101* පරිගනකවේදී ඉසුර වික‍්‍රමාරච්චි
102*ව්‍යාපාරික මහේන්ද්‍ර විජෙසෙකර
103*ව්‍යාපාරික කීර්ති පතිරණ
104*ව්‍යාපාරික මහේෂ් ජයසිංහ
105*කලමනාකාර තුසිත විජේතිලක
106*වරලත් මිනින්දෝරු රන්ජන් පීරිස්
107* අතිරේක කළමණාකාර රොහාන් ටී ද සිල්වා
108*ජේෂ්ඨ මූල්‍ය නිලධාරි තෙෂාර ජයසිංහ 
109*මූල්‍ය නිලධාරි ජේ. ඇන්ටෝනියෝ 
110* කළමණාකාර ජී පි පියසේන
111* කළමණාකාර රුවිනි සේනාරත්න 
112* කළමණාකාර ප්‍රසංග අල්විස් 
113* කළමණාකාර චතුරංග දේශප්‍රිය 
114* කළමණාකාර තරංග ලක්මාල්
115* මාධ්‍යවේදී සුදත් ගමගේ
116* කලාශිල්පී සුදත් රෝහණ 
117* කලාශිල්පිනී ඕෂධී හේවාමද්දුම 
118* පරිගණක තාක්ෂණවේදී යසිත මුණසිංහ 
119* පරිගණක තාක්ෂණවේදී රුචිර යාපා 
120*පරිගණක තාක්ෂණවේදී රංගනාත් විජේගුණවර්ධන 
121* පරිගණක තාක්ෂණවේදී ගයාන් ලක්රුවන් 
122*පරිගණක තාක්ෂණවේදී ජේ. ඒ. සී. පෙරේරා 
123*පරිගණක තාක්ෂණවේදී චින්තක චරිත් ප්‍රනාන්දු
124*මහජන ක්‍රියාකාරී ඒ. එච්. ගමගේ 
125*මහජන ක්‍රියාකාරී එස්. ලියනගේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4833755842132035789

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item