චීනයේ විදුලි බලාගාරයක අනතුරකින් 70ක් මරුදකී

චීනයේ, විදුලි බලාගාරයක් ආශ්‍රිත ඉදිකිරීමක වූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසය...

චීනයේ, විදුලි බලාගාරයක් ආශ්‍රිත ඉදිකිරීමක වූ දැවැන්ත අට්ටාලයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ෆෙන්ග්චැන්ග් විදුලි බලාගාරයේ සිසිලන කුලුණේ ඉදිකිරීම් අතරතුර මෙම අනතුර සිදුව ඇති අතර, මෙම අට්ටාලය කඩා වටීමත් සමග එහි සේවය කළ බෙහෝ දෙනෙකු ඒ තුළ සිරවූ බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, යකඩ අට්ටාල රැසක් කඩා වැටී ඇති දසුන් මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

ජියාන්ග්ෂි ප්‍රාන්තයේ, ගිනි නිවන ඒකකය පවසා සිටියේ ඔවුන්ගේ රථ 32ක් හා සෙබලු 212ක් සහන සේවා සඳහා යොදවා තිබූ බවයි.

මෙගාවොට් 1,000ක අමතර විදුලිබල ධාරිතාවක් ලබාදීම සඳහා වූ ගල් අඟුරු පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මීටර් 168ක් උසට මෙම සිසිලන කුලුණු ඉදිකරමින් පැවති බව කියැවෙයි. මෙම විදුලිබල ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඇ.ඩො.බිලියන 1.11 ක් බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ ආකාරයේ කර්මාන්ත ආශ්‍රිත අනතුරු චීනය තුළ සුලභ කරුණකි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1784921251443160018

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item