‘ඊ නිව්ස්‘ ලොක්කා අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තු

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීමට ගම්පහ ප්‍ර ධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර අද (25දා) ඉන්...

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ප්‍රදීප් සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීමට ගම්පහ ප්‍ර ධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර අද (25දා) ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත් කළාය. 

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරුගේ ඡායාරූප හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර අන්තර්ජාලයේ පළ කිරීමෙන් අධිකරණයට අපහාද කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඒ මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කෙරුණි.ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කර තිබේ.ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය. මේ අතර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රවෘත්ති පළකර ඇති බව කියමින් නීතිඥ මධුර විතානගේ විසින් අධිකරණයට පැමිණිළි 14ක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ (23) දින එම පැමිණිලි ඉදිරිපත් කර ඇත. අවස්ථා 14කදී  අධිකරණයට අපහාස වන අන්දමේ පුවත් පළකර ඇති බවත්, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් සිදු කරන මෙම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශණයක් කර සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත් මධුර විතානගේ කළ පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8534689076308079021

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item