බැදුම්කර මගඩිය නිසා අගමැති රනිල්ට එරෙහිව විශ්වාස භංගයක්?

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන ලිච්චවි ක‍්‍රමයට ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අමති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්ව...

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිලිගෙන ලිච්චවි ක‍්‍රමයට ධුරයෙන් ඉල්ලා අස් නොවුනහොත් අමති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන බව පිවිතුරු හෙල උරුමය පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මපිල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේදී එහි නියෝජිතයින් 26 දෙනාගෙන් එජාප 09 පමණක් පාද සටහන් වාර්තාවට කැමැත්ත ප‍්‍රකාශ කල අතර අනෙක් 15 දෙනාම සභාපතිවරයාගේ වාර්තාවට පක්‍ෂව ඡන්දය භාවිතා කලේය.

මේ තත්වයම අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගයටද සිදු වීමේ සම්භාවිතාවක්ද ඇත්තේ බැදුම්කර මගඩියට විරුද්දව එජාපය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ මැති ඇමතිවරැන් කිහිප දෙනෙකුද ප‍්‍රසිද්ධියේ අදහස් පල කරමින් සිටින තත්වයකදීය.

ඒකාබද්ද විපක්‍ෂය, ජවිපෙ විශ්වාස භංගයට පක්‍ෂ වනු ඇති අතර ශ‍්‍රිලනිපයට හා දෙමල සන්ධානයටද කොප් කමිටුවේ දැරු ස්ථාවරය වෙනස් කිරීමට ඉතා අපහසු වනු ඇත.

රාජිත සේනාරත්න, චම්පික රණවක ආදී එජාප පිරිස්ද අවසානයේ ඡන්දය භාවිතා නොකරන තැනකට පත් වුවද එය අගමැතිවරයාට බලපාන්නේ අවාසිදායක ලෙසයි.

සන්දානය නියෝජනය කරන මන්ත‍්‍රීන් 96, දෙමල සන්ධානයේ 16, ජවිපෙ 06 දෙනා ඇතුළුව එජාපයේ සිටින මෛත‍්‍රී හිතවාදී හා රනිල් විරෝධී මන්ත‍්‍රීන්ගේ සංඛ්‍යාත්මක එකතුව අගමැතිවරයා සසල කරවනු ඇත.

පසුගිය දින 100 ආණ්ඩුවේදී විශ්වාස භංගයට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් 18වන සංශෝධනය නිසා ජනාධිපතිවරයාට මෙවර එය කල නොහැක.

එම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මෙසේද අදහස් පල කලේය.

වසර එකහාමාරක් අප කළ අඛණ්ඩ සටනක ප්‍රතිඵලයක් ලෙස බැඳුම්කර හොරුන් පිලිබඳ සැබෑ තොරතුර එළියට ආවා. බැඳුම්කර වංචාවක් සිදු වී නැති බවට පසුගිය කාලයේ පොත් ලියූ අයට විවාද කළ අයට ගිරිය පුප්පගෙන කතා පැවැත්වූ අයට ඇඳි වත ගලවා දමා බැඳුම්කර වංචාවක් වුණු බව පිලිගෙන කෝප් වාර්තාවට අත්සන් තබන්න සිදු වුණා. ඒක අපේ ජයග්‍රහණයක්. අරාබි නිසොල්ලාසයේ හිටියේ “අලි බබා සහ හොරු හතලිහ“. ලංකාවේ ඉන්නේ “අලි හොරා සහ හොරු දහදෙනා“. අලි හොරා තමයි මේ බැඳුම්කරේ මහ මොලකරු අගමැතිතුමා. කෝප් වාර්තාවේ පාද සටහන් කල්ලියයි අර්ජුන් මහේන්ද්‍රන් එකතු වුණාම හොරු දහදෙනා හැදෙනවා. හොරු අල්ලන්න ආපු අය කම්බ හොරු බවට පත් වුණු මෙවැනි අවස්ථාවක් ලෝක ඉතිහාසයටම නෑ.

කෝප් කමිටුවේ සාමාජිකයින් දෙදනෙකු වාර්තාවට අත්සන් තබා නෑ. එක් කෙනෙක් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා. අනිත් කෙනා දෙමළ ජාතික සංධානයේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා. ඒ දෙදෙනා වාර්තාවට අත්සන් නොකලේ ඇයිදැයි ජනතාවට පැවසිය යුතුයි.

දැන් තව දුරටත් විමර්ශන අවශ්‍ය නෑ. ඒකෙන් සිදු වන්නේ තව දුරටත් කල් මරමින් හොරුන්ට නිදහසේ සිටින්න ඉඩ දීම පමණයි. හෙලි වී ඇති කරුණු හොඳටම ප්‍රමාණවත්. වසර එක හමාරක් මේ ගැන අධ්‍යයනය කළා. ඩියු ගුණසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇති කෝප් කමිටුව සම්පුර්න අධ්‍යයණයක් කරලා වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යද්දී වාර්ථාව ඉදිරිපත්වීම වලක්ව ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසා අපි ජනපතිතුමන්ටත් කියනවා. ඔබ තුමාත් මේ වගකීමෙන් මිදෙන් නෑ. බලවත් විරෝධයක් තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කමට පත්කලේ ඔබ තුමන්. අර්ජුන් මහේන්ද්‍ර බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔබ තුමන්. ඒ නිසදා ඔබ තුමන්ගේ ඇගෙත් මඩ. ඒ මඩ ටික සෝද ගන්න නම් මේ වැරදිකරුවන්ට දඩුවම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ජනපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විය යුතුයි. දැන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමයි. මොනවා ද යුක්තිය ඉටු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග. හැමෝම යුක්තිය ඉටු කරනු කිව්වාට කළ යුතු දේ කියන්නේ නෑ. මෙන්න අපි දකින විධියට යුක්තිය ඉටු කිරීමට ගත යුතු හදිසි ක්‍රියා මාර්ගහය.

  • අගමැතිතුමා වහාම ඉල්ලා අස්වීම.
  • අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්න.
  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්න.
  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන්න.
  • පොලීසියේ අපරාධ පරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කිරීම.

ලංකා බැංකුව සතුව මුදල් තැරැව්කාර සමාගමක් තිබිය දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා ලංසු තැබීමෙන් ලංකා බැංකුව විසින් දූෂණයක් සිදු කිරීම පිලිබඳ පරීක්ෂණයක් ඇරඹීම

අගමැතිතුමා විපක්ෂ නායක කාලයේ දුම්රිය අනතුරක් වුණත් ප්‍රවාහන ඇමතිට ඉල්ලා අස් වෙන්න කියනවා. ඇවන්ට්ගාඩ් ආන්දෝලනය මතු වුණු ගමන් තිලක් මාරපන ඇමතිතුමාට ඉල්ලා අස් වෙන්න කිව්වා. දැන් ඔන්න අගමැතිතුමාගේ වාරය. ඔබතුමාගේ අධීක්ෂණය යටතේ තිබුණු ආයතනයක මේ දැවැන්ත වංචාව වෙන්නේ. ඒ විතරක් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කරනවා ඔබතුමාගේ උපදෙස් මතයි මේ ගනුදෙනුව කලේ කියලා. දැන් ඉතින් අගමැතිතුමාට තිබෙන්නේ කන්නාඩියක් ඉදිරියට ගිහින් “රනිල්, නම්බු පිටින් ගෙදර යන්න කාලය ඇවිත්“ කියලා කියන එකයි. අගමැතිතුමා ඉල්ලා අස් නොවුණොත් එතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්න අපට සිදු වෙනවා.

මේ වංචාවට විරුද්ධව අපි ගොඩ නැගුව පුළුල් ජන මතය නිසා ආණ්ඩු පාර්ෂවයේ සිටින ශ්‍රීලනීප මන්ත්‍රීවරු මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීවරු මේ ආණ්ඩුව බිහි කිරීමට ප්‍රභල දායකත්වයක් දුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු, මේ ආණ්ඩුව බලයට ගෙනා ජනතා විමුක්ති පෙරමුන මේ සියළු බලවේග මෙ සටනෙදි අප හා එකතු උනා. එහි ගෞරවය මුලින්ම අපි දෙන්න ඕන විගනකාධිපතිතුමන්ට. එතුමන් තමයි මේ සටනේ ඔටුනු නොපලන් වීරයා. එතුමන් ජීවිත අවධානමක් ගනිමින් ඇත්ත ඇති සැටියෙන් තම වාර්ථාවේ ලිව්වා. එතුමන්ගේ තොරතුරු මතයි කෝප් කම්ටුව කටයුතු කරන්නේ. 

පොලිස්පතිතුමන්ට නීතිපතිතුමන්ට ආදර්ශයක් වන ආකාරයට මෙහිදී විගනකාධිපතිතුමන් කටයුතු කර තියෙනවා. අන්තිම දවස වෙනතුරුත් හොරකමක් වී නැත, වෙන්දේසි ක්‍රමය සෘජු කුමයට වඩා හොදය කියමින් සිටිය එජාප මන්ත්‍රීවරුන් 9 දෙනෙක් පාද සටහන් සහිතව හරි වරදක් වෙලා තියෙනවය, අපිට හොරු රකින්නට ඕන නැත කියන සිනිදුව අළුතින් කියන්නට ගත්තේ මාධ්‍ය විසින් මේ ප්‍රශ්නය පිළිබද ඇතිකරපු සමාජ බලපෑම නිසා. ඒ නිසා විගනකාධිපතිතුමන් වගේම මාධ්‍යයත් මේ සටනේ වීරයන් විදිහට අපි සලකනවා. ඒ වගේම කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය නෙවෙයි කෝප් කමිටුව තුල දැවැන්ත සටනක් කල සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමන් ප්‍රමුඛ අනික් පිරිසටත් අපි ප්‍රනාමය පුදු කරනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5042276652534327292

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item