පැරදුනු අය ජාතික ලයිස්තුවෙන් ඇවිත් ශ්‍රීලනිපය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා

පැරදුනු අය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමතිකම්ද ගෙන පක්‍ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරමින් සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්...

පැරදුනු අය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත් ඇමතිකම්ද ගෙන පක්‍ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරමින් සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසයි.

ගම්බහදී පැවති රැස්වීමක් අමතමින් මන්ත‍්‍රිවරයා මේ බව කියා සිටියේය.

‘අපි මොනව කිව්වත් මේ රටේ බහුතර ජනතාව මේ ආණ්ඩුව බලය ගන්න කියපු බොරු වලට රැවටුනා. හැබැයි අදනම් ගම්පහ විතරක් නෙමෙයි මු`ඵ රටේම ජනතාව ඉන්නේ ඒ වැරැුද්ද නිවැරදි කර ගන්න අවස්ථාවක් ලැබෙනකන්. ගම්පහ අගමැතිවරු, ජනාධිපතිවරු හිටියා. හැබැයි ගම්පහ ස්වර්ණමය යුගය ඇතිවුණේ මහින්ද රාජපක්‍ෂ යුගයේයි. රටේ ස්වර්ණමය යුගයත් ඇතිවුණේ මහින්ද රාජපක්‍ෂ යුගයේයි. ඒ වගේම අපේ පක්‍ෂයේ ස්වර්ණමය යුගය ඇතිවුනෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේයි.

අද ගමේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂකයා ඉන්නේ කලකිරිලා. ගමේ පාක්‍ෂිකයා නැතුව මොන පක්‍ෂද අද පාක්‍ෂිකයන්ගේ හඩට නායකයෝ කන් දෙන්නේ නෑ. පැරදුණු අය ජාතික ලැයිස්තු මන්තී‍්‍රකම්, ඇමතිකම් අරගෙන අපේ පක්‍ෂෙ දියාරු කරන්න කුමන්ත‍්‍රණය කරනවා. අපි ගමට ගිහාම මිනිස්සු අපෙන් අහනවා ඔබතුමා මොන පක්‍ෂෙද කියලා. අපිත් ඉතිං අපේ ජනාධිපතිතුමා මාධ්‍යවලට ගිහිල්ලා කියනවා වගේ කියනවා මම තාම ශී‍්‍ර ලංකා එකේ නැත්නම්, මම හොද ශී‍්‍ර ලංකා කාරයෙක් කියලා. එතකොට ගමේ අය කියන්නේ එහෙනම් ඔබතුමා යන්න අපි ඔබතුමාලත් එක්ක නෑ කියලයි. දැන්නම් ජනාධිපතිතුමනි මම කවුරුහරි ඇහුවොත් කියන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ කියලයි. ඒකාබද්ධ විපක්‍ෂයේ කියලා මම බේරිලා එනවා.

අපි ලෑස්තියි දැන් ඊලග මැතිවරණයට හැබැයි මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. ආණ්ඩුව මැතිවරණයක් දෙන්නේ නැත්නම් අප මැතිවරණයක් ගන්න ඕනෑ. අද රටම ඉන්නේ මැතිවරණයක් එනකම්. එන ඕනෑම මැතිවරණයකදී මේ ආණ්ඩුවයි, මේ ආණ්ඩුවට මුක්කු ගහන අයයි ගෙදර යවන්න ජනතාව මග බලාගෙනයි ඉන්නේ’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7339602662340246884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item