මානව හිමිකම් අවියක් ලෙස භාවිතා කිරීම අනුමත කරන්නේ නෑ - චීන විදේශ කටයුතු පිළිබඳ මහලේකම්

මානව හිමිකම් දේශපාලන අවියක් හැටියට භාවිතා කිරීම චීනය අනුමත නොකරන බව චීන මහජන සමූහ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ මහලේකම්,මන්ත්‍රණ සභා සාමාජි...

මානව හිමිකම් දේශපාලන අවියක් හැටියට භාවිතා කිරීම චීනය අනුමත නොකරන බව චීන මහජන සමූහ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ මහලේකම්,මන්ත්‍රණ සභා සාමාජික යංග් ජිඑචී පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී හමුවූ ඔහු මේ බව කියා සිටි බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එනම් නොවැම්බර් 29 වෙනිදා, බීජිං නුවර ඩායෝයූතයි මන්දිරයේ චීන මහජන සමූහ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ මහලේකම් වරයා හා මන්ත්‍රණ සභා සාමාජික යංග් ජිඑචී මහතා හමුවිය. සුහද හමුවීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් භෝජන සංග්‍රයක්ද පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ, චීනයත්, ලංකාවත් අතර සම්බන්ධතාවය වැඩිදියුණු වූ ආකාරය චීන නායකයාගේ ඇගයීමට ලක්විය. මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂම මහතාගේ දායකත්වය චීන ආණ්ඩුව ඉහළින් අගය කරන බව යංග් ජිඑචී මහතා පවසා සිටියේය. 

2017 දී චීනය හා ලංකාව අතර රබර් සහල් ගිවිසුමේ 65 වෙනි සංවත්සරය සමරන බව මතක් කර සිටි ඒ මහතා, එම වසරේම දෙරට අතර තානාපති සම්බන්ධතා ඇතිවීමේ 60 වන සංවත්සරය වන බවද පෙන්වාදුන්නේය. රාජපක්ෂා මහතා බලයේ සිටි සමයේදී, මේ සම්බන්ධතාවය උපායමාර්ගික සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වූ බව එතුමා කියා සිටියේය. තමන්ගේ පාලන සමයේ ආරම්භ වුණු හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය හා නොයෙක් අධිවේගී මාර්ග ව්‍යාපෘති ගැන තමන් සතුටු වෙන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. ඒ වගේම කොටි ත්‍රස්තතවාදීන්ට එරෙහි යුද්දයේදී චීනය ලංකාවට දුන් සහයෝගය එතුමා අගය කළේය. මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සභාවන් තුළ චීනය ලංකාවට ලබා දුන් නිරන්තර සහයෝගයට රාජපක්ෂය මහතා චීන නායකයාට ස්තූතිය පුද කළේය.

ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට වෙනත් පාර්ශව ඇඟිලි ගැසීමට විරුද්ධව හැමදාමත් සිටින බවත්, මානව හිමිකම් දේශපාලන අවියක් හැටියට භාවිතා කිරීමද චීනය අනුමත නොකරන බවද යංග් ජිඑචී මහතා කියා සිටියේය. 

දෙරටේ ජනතාව අතර පුද්ගලික සම්බන්ධතා තර කිරීමේ අවශ්‍යතාවය දෙපාර්ශවය විසින්ම අවධාරණය කරනු ලැබීය. දෙරට අතර සමීප සම්බන්ධතාවය වර්ධනය කිරීමට බෞද්ධ සංස්කෘතික බැඳීම් වල වැදගත්කම ගැන සාකච්ඡා වුණු අතර, බෞද්ධ වන්දනාකරුවන් ලංකාවට පැමිණීම ප්‍රවර්ධනය කිරීම දිරිගන්වන මෙන් රාජපක්ෂ මහතා චීන නායකයාගෙන් ඉල්ලා සිටියේය. ලංකාවට චීනයෙන් එන සංචාරකයන්ගේ ගණන වැඩිවීම ගැනද දෙපාර්ශවයම සතුට පල කළහ. 

චීනයේ සැබෑ මිතුරෙක් වන ජනාධිපති රාජපක්ෂ මහතා බීජිං නුවරදී පිළිගැනීමට ලැබීම ගැන යංග් ජිඑචී මහතා සතුට ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිවරයාගේ චීන සංචාරයට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තෙ සහ මහින්ද රාජපක්ෂම මහතාගේ ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාද සහභාගී විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2165894904896028287

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item