යේසුස් වහන්සෙගේ සොහොන ජෙරුසලමෙන් සොයා ගැනේ
යේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් පුවත...
http://www.sathhanda.com/2016/11/blog-post_27.html
යේසුස් වහන්සේගේ දේහය තැන්පත් කර ඇතැයි කියන ස්ථානයක් වසර ගණනාවකට පසු ජෙරුසෙලමින් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කර සිටී.
එම ස්ථානය කිරි ගරුඬවලින් ආරක්ෂා කර ඇති අතර එම දේවස්ථානයේ පරීක්ෂණ කටයුතුවල නියැලි විද්‍යාඥයන් සදහන් කරනුයේ මෙවර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේහය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දැනට නිරාවරණය වූ නව තොරතුරු අනුව සොයාගැනීමට හැකිවනු ඇති බවයි.
මෙම කිරි ගරුඬ ආවරණය ඉවත් කැරුණේ 1810 වසරින් පසු පළමු වරට බවත් වාර්තාවේ.කිරි ගරුඬ ආවරණය ඉවත් කිරීමෙන් පසු එම ස්ථානයේ පටු තීරයක යේසුස් වහන්සේගේ සිතුවමක් ද දැකිය හැකි බව කියති
( තිළිණි ද සිල්වා )
ද ගාඩියන්
Related