බැඳුම්කරය ගැන ශ්‍රීලනිප කමිටු වාර්තාව සති දෙකෙන්

බැඳුම්කර නිකුතුව සම්බන්ධ කෝප් වාර්තාවේ නිර්දේශ ගැන ගත යුතු නීති පියවර පිළිබඳ උපදෙස්‌ ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසි...

බැඳුම්කර නිකුතුව සම්බන්ධ කෝප් වාර්තාවේ නිර්දේශ ගැන ගත යුතු නීති පියවර පිළිබඳ උපදෙස්‌ ලබා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ කමිටු වාර්තාව සති දෙකක්‌ තුළ ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය. 

කිsසිදු දේශපාලන බලපෑමකින් තොරව ඉතා ස්‌වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ හරහා වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා අදහස්‌ කර සිටින බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය කුමක්‌ද යන්න ගැන මෙම ශ්‍රීලනිප ඇමැති කමිටුවේ විශේෂ අවධානය යොමු කර තිබේ.

දැනට සිටින ශ්‍රෝෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්‌ මේ සඳහා පත් කළ යුතු බවට බොහෝ දෙනකු මෙම කමිටුවට යෝජනා කර ඇති බවද දැනගන්නට ඇත.

මේ නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා කාලසීමාව තුළ තාවකාලිකව හෝ මහ බැංකුව අගමැතිවරයා ගෙන් ඉවත් කොට ජනාධිපතිවරයා යටතට පත් කිරීම සුදුසු බවට ද ඇතැම් විද්වතුන් මෙම කමිටුවේ අවධානයට ලක්‌ කිරීමට නියමිතය.

මෙම බැඳුම්කර නිකතුව පිළිබඳ කෝප් පරීක්‌ෂණයට පවා නොයෙකුත් දේශපාලන බලපෑම් එල්ල වූ බැවින් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්‌වාධීන අධිකරණ ක්‍රියාමාර්ගයකින් වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවටත් එම බැඳුම්කර වංචාවෙන් සිදුව ඇති අලාභය ඊට වගකිව යුත්තන්ගෙන් අයකර ගත යුතු බවටත් ජනාධිපතිවරයා දැඩි ස්‌ථාවරයක සිටින බවද ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින්  වාර්තා වේ. 

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලනිප ඇමැති කමිටුව මේ සියලු කරුණු අධ්‍යයනය කර ජනාධිපතිවරයාට වාර්තාවක්‌ ලබාදීමට නියමිත අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර කෝප් වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර තීරණය කරනු ඇතැයි එම ශ්‍රීලනිප ඇමැති කමිටුවේ සාමාජිකයෙක්‌ කීවේය.

-දිවයින



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7052664363402073412

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item