“ආවා “ කල්ලිය නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂයි - රාජිත නැවත කියයි

සමස්ත හමුදාවම “ආවා“ කල්ලිය සමග සම්බන්ධ බවට තමා කිසිඳු අයුරකින් ප්‍රකාශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ආවා කල්ලිය න...

සමස්ත හමුදාවම “ආවා“ කල්ලිය සමග සම්බන්ධ බවට තමා කිසිඳු අයුරකින් ප්‍රකාශ කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ආවා කල්ලිය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් බවට වන ස්ථාවරයේ තමා සිටින බව අමාත්‍යවරයා පවසයි.

පසුගිය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂට හිතවත් හමුදා නිලධාරියෙකු යොදාගෙන “ආවා“ කල්ලිය නිර්මාණය කර ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නොමැති බවට සහ හමුදාවට අපහාස සිදු කළ බවට ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගිය ද තමා සමස්ත හමුදාට කිසිඳු අපහාසයක් සිදු කර නොමැති බව අමාත්‍යවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එක් හමුදා නිලධාරියෙකු කළ වරදක් හේතුවෙන් සමස්ත හමුදාවට හානි සිදු නොවන බව පවසන අමාත්‍යවරයා මෙවැනි කල්ලි ආරම්භ කිරීමට හමුදා නිලධාරියෙකු යොදා ගනිමින් ඔවුන්ට අපහාස කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ බව පෙන්වා දෙයි.

උතුර නොසන්සුන් කිරීමේ අවශ්‍යතාවක් තවමත් ඔවුන්ට පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

තමා මෙවැනි දේ පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්නේ ඊට අදාළ සියලු දේ පිළිබඳ හොදින් දැනුවත් වී බව සඳහන් කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රෙජිනෝල්ඩ් කුරේ වැනි බොහෝ පිරිස් ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන බවයි.

මේ අතර යාපනයේ ක්‍රියාත්මක “ආවා“ කල්ලියට යුද හමුදාවේ හෝ දේශපාලනඥයිගේ සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8508826970451269922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item