සන්ධානයේ පිරිසක් පොදුජන පෙරමුණට එක්වෙති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද (24දා) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්හ.

සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ, මහරගම හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් 10 දෙනෙකුට මෙහිදී සංකේතාත්මකව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතින් සාමාජික කාඩ්පත් ලබාදීම සිදුවිය.

බැසිල් රජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් 75%ක් පමණ එම අවස්ථාවට සහභාගි වූ බවයි.

දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන් මාර්ගයෙන් පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකරන බවත්, අද දිනයේදී සාමාජිකත්වය ලබාගත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගන්නා බවද හෙතෙම පවසා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8518051920863752954

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item