පොලීසියට වෙඩිතැබූ එක් අයෙක් මාට්ටු

කුරුණෑගල - පුත්තලම පාර මාස්පොත ප්‍රදේශයේ හෝටලයක් අසළ දී පොලිසීයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ....

කුරුණෑගල - පුත්තලම පාර මාස්පොත ප්‍රදේශයේ හෝටලයක් අසළ දී පොලිසීයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

බස් රථයක නැගී පළායමින් සිටි සැකකරු පැල්ලන්දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 10.00 ට පමණ 119 ඔස්සේ කුරුණෑගල පොලීසියට ලැබුණු දැනුම්දීමක් අනුව ව්‍යාජ අංක තහඩුවක් සහිතව ධාවනය කරන මෝටර් රථයක් කුරුණෑගල-පුත්තලම පාරේ හෝටලයක් අසළ නතර කර ඇති බව පොලීසියට දැනගන්නට ලැබී තිබේ.

පොලිස් ජංගම මුර සේවා රථයක පැමිණි පොලිස් නිලධාරීන් එම සැක සහිත මෝටර් රථය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩිතැබූ බවත්,එහිදී පොලිස් නිලධාරීන්ද පෙරලා වෙඩිතැබීම නිසා සැකකරුවන් අදාළ මෝටර් රථය දමා පළාගිය බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් කළ වෙඩිතැබීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු,පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකු තුවාල ලබා ඇති අතර පසුව මොවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා මියගිය බව පොලීසිය කියා සිටියි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වන ලංසක්කාර හේරත් මුදියන්සේලාගේ දසනායක රත්න බණ්ඩා නමැති කුරුණෑගල,වඳුනාගල ධර්මපාල මාවතේ පදිංචිව සිට කුරුණෑගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ අයෙකි.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මෝටර් රථය දමා පළාගොස් තිබු අතර වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කණ්ඩායම් කිහිපයක් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම විමර්ශනයේ දී පළාගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සැකකරුවන් භාවිත කළ මෝටර් රථය කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක් බවටත් ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවටත් පොලීසිය සැක කරයි.

අදාළ මෝටර් රථය තුළ තිබී හිස් පතරොම් තුනක් සහ ජංගම දුරකථන 16ක් සොයාගෙන ඇති බව ද සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6742553949333976130

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item