විග්නේෂ්වරන්ගෙන් යුරෝපා සංගම් නියෝජිතයන්ට පැමිණිල්ලක්

GSP ප්ලස් සහනය ලබාදිමේ කටයුතු සෙයාබැලීම සඳහා පසුගිය දිනවල යුරෝපා සංගමය නියෝජනය කරමින් කණ්ඩායමක් මෙරටට පැමිණියහ. එම කණ්ඩායම හමුවූ උතුරු පළ...

GSP ප්ලස් සහනය ලබාදිමේ කටයුතු සෙයාබැලීම සඳහා පසුගිය දිනවල යුරෝපා සංගමය නියෝජනය කරමින් කණ්ඩායමක් මෙරටට පැමිණියහ. එම කණ්ඩායම හමුවූ උතුරු පළාත් මහ ඇමතිවරයා ඔවුන්ට පැමිණිල්ලක් සිදුකර ඇති බව උතුරේ පුවත්පත් වාර්තා කරනවා.

උතුරු පළාත් මහ ඇමතිවරයා ඔවුන් වෙත දන්වා ඇත්තේ උතුරු පළාතේ යුද හමුදාව යටතේ පාලනය වන ප්‍රාථමික පාසල් 344 ක් පමණ තිබෙන බවයි. මෙම පාසල් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වියයුතුව තිබුණද ඒවා තවමත් සිවිල් ආරක්ෂක බලකාය යටතේ පවත්වාගෙන යන බවයි මහ ඇමතිවරයා යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත දන්වා ඇත්තේ. මෙම පාසල්වල ගුරුවරියන් ලෙස දමිළ ජාතික කාන්තාවන් 689 දෙනෙකු සේවය කරන බවයි ඔහු වැඩිදුරටත් දන්වා ඇත්තේ. එම සංඛ්‍යාව පළාත් සභාව යටතේ පාලනය වන ප්‍රාථමික පාසල්වල සේවය කරන ගුරුවරියන් ප්‍රමාණය හා සමාන වන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එසේම මෙම ගුරුවරියන් හමුදා නිළ ඇඳුම් සහිතව පාසල්වල සේවය කරන බවත් එය උතුරේ ජනතාවගේ කනස්සල්ලට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මහ ඇමතිවරයා පවසන්නේ 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මෙම පාසල් පළාත් සභා විෂයට අයත් වියයුතු බවයි. එහෙත් තවමත් ඒවා ආරක්ෂක අංශ මගින් පාලනය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට අමතරව උතුරේ සාමාන්‍ය ජනතාව සතු ඉඩම් අක්කර 50,000 ක් පමණ තවමත් ආරක්ෂක අංශ සතුව පැවතීම සම්බන්ධයෙන් හා දකුණේ ධීවරයන් තහනම් ක්‍රම භාවිතා කරමින් උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ද මහ ඇමතිවරයා යුරෝපා සංගම් නියෝජියන් දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5070429132728360622

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item