බැඳුම්කර මගඩිය ගැන පා.ච. රණවක එදා කී කතාව සහ අද කියන කතාව වීඩියෝ සහිතව පෙන්වයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. බැඳුම්කර මගඩිය ගැන පා...

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

බැඳුම්කර මගඩිය ගැන පාච එදා කී කතාව සහ අද කියන කතාව

පසුගිය සදුදා උදෑසන මාධ්‍ය හමුවක් පවත්වලා මෙම බැදුම්කර මගඩියේ වගකීම භාරගෙන අගමැතිතුමා ඉල්ලා අස්විය යුතුයි කියලා. මම ප්‍රකාශ කරාම එදා හවස මාධ්‍ය හමුවක් කැදවන ගරු පා ච රණවක ඇමතිතුමන් අගමැතිතුමා මේ හොරකමට සම්බන්ධ නෑ. එතුමා ප්‍රතිපත්තිමය උපදෙසක් පමණයි ලබා දීලා තියෙන්නේ. ඒ නිසා එතුමා ඉල්ලා අස්විය යුතු නෑ කියලා කියනවා. මම කැමතියි ගරු පා ච රණවක ඇමතිතුමන්වම උපුටා දක්වමින් අගමැතිතුමා ඉල්ලා අස්විය යුත්තේ ඇයි කියලා පෙන්නුම් කරන්න එතුමගේම අතීත කතා වලින්. එතකොට මේ විවාදය උදය එදිරිව පා ච නෙවෙයි පා ච එදිරිව පා ච. මෙතුමා මාර්තු මාසයේ Daily Mirror පුවත් පත සමග කල සම්මුඛ සකච්චාවකදී මෙතුමා ප්‍රකාශ කරනවා අර්ජුන් මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරට සුදුසු නෑ. ඒක ඇත්ත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛනයේ තියෙනවා දිවුරුමක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ දිවුරුමෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහා නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, එතුමා හොර වැඩක් කරන්න ආව නිසා අවංකව කියන දිවුරුම දෙන්න කැමති වුණේ නෑ. ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වන බවට ද සිංගප්පුරු පුරවැසියෙකුට වෙනත් කිසිම රටකට පක්ෂපාත වෙන්න බැරි නිසා ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වනවා කියන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් ප්‍රතිඥා දෙමි කියලා. මේ දිවුරුම එතුමා දුන්නේ නෑ කියලා හිටපු කෝප් සභාවේ සභාපති ඩ් ව් ගුණසේකර මහතා එතුමාගෙන් ප්‍රශ්න කරද්දි එතුමා පිළිගත්තා. සිංගප්පුරු ජාතිකයෙක් මහ බැංකු අධිපති තනතුරට නුසුදුසුයි කියන පදනමින් රණවක ඇමතිතුමා කැබිනට් මන්ඩලයේ දී ප්‍රකාශ කලා කියලා කියනවා. අගමැතිතුමා ඒ විරෝධය නොතකා, ඒක මගේ තීරණයක්, එයා ගැන වගකීම මම භාර ගන්නවා කියලා එතුමාව පත්කලා කියලා. ඒක නිසා අගමැතිතුමා වගකීම භාර ගත යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ මම නෙවෙයි ගරු පා ච රණවක ඇමතිතුමන්.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ජූනි මාසයේ 26වැනිදා. ජුනි මාසයේ 27වැනිදා මාධ්‍ය හමුවක් තියලා එතුමන් කියන,ඒවා මාධ්‍ය වාර්තාත් කලා, ඒ අතරින් මම රිවිර පුවත් පත සහ ලංකාදීප පුවත් පත උපුටා දක්වන්නම් “බැදුම්කර සිද්ධියේ කෝප් වාර්තාව යටගහන්න ඕනේ නිසා ආණ්ඩුව විසුරුවා හැරියා” එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපතිතුමා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න ඒක ලංකාදීප පුවත් පතෙත් තියෙනවා. පුවත්පත් දෙකම ජුනි මාසයේ 29වැනිදා. එතකොට පා ච රණවක ඇමතිතුමන්ට අනුව වගකීම බාර අරගෙන නුසුදුස්සෙක් පත් කරන්න අගමැතිතුමා කටයුතු කර තියෙනවා. පා ච රණවක ඇමතිතුමාට අනුව අර්ජුන් මහෙන්ද්‍රන්ගේ හොරකම වසන් කිරීමට උත්තරිතර පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට අගමැතිතුමා පත්වී තිබෙනවා. පසුගිය වසර එකහාමාරක් 2015 පෙබරවාරී 27වෙනිදා ඉදන් 2016 ඔක්තොම්බර් මාසයේ 24වැනිදා වෙනකම්ම එජාප මන්ත්‍රීවරු මාධ්‍ය හමු තියලා කිව්වේ, රූපවාහිනි විවාද වල තර්ක කලේ, වේදිකාවේ ගිරිය පුප්පන් කෑගැහුවේ, පොත් ලිව්වේ, කොප් කමිටුවේ දී විගනකාධිපතිට තර්ජනය කලේ, කොප් කමිටුවේ හොරු අල්ලන්න ඉදිරිපත් වුණු මන්ත්‍රීවරුන්ට අපහාස කලේ අර්ජුන් මහෙන්ද්‍රන්ගේ හොරකම සගවන්න. නායකයා තමයි එජාප මන්ත්‍රී රැළගේ ක්‍රියාවට වගකියන්න ඕනේ.

රණවක ඇමතිතුමා කියනවා ප්‍රතිපත්තිමය තීන්දුවක් පමණයි මහබැංකු අධිපතිට අගමැතිතුමා උපදෙස් දුන්නේ ඒක නිසා වගකියන්න ඕනේ නෑ. සම්පුර්ණයෙන්ම වැරදියි. ලංකාවේ සෑම සංස්ථාවක්ම සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවන පනතක වගන්තියක් තියෙනවා ඇමතිවරයා විසින් වරින් වර සමාන්‍ය හෝ විශේෂ නියෝග කළමණාකරන මණ්ඩලයට ලබා දෙනු ඇත. ඒ නියෝග පිළිගැනීමට කළමණාකරන මණ්ඩලය බැදීසිටි කියලා. උදාහරණයක් විදිහට ලංකා බැංකුව පිහිටවපු ලංකා බැංකු අඥාපනතේ 33වන වගන්තියේ මේ ආකාරයට සදහන් කර තිබේ. හැබැයි මහ බැංකුව පිහිටවපු මුල්‍ය නීති පනතේ මම දවස් ගණනක් තුන් වතාවක් විතර කියෙව්වා කොතනවත් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයා නෙවෙයි ජනාධිපතිවරයාය . මුදල් මණ්ඩලයට හෝ මහ බැංකු අධිපතිවරයාට නියෝග දිමේ බලය ඇමතිවරයාට ඒ පනතින් ලබා දීලා නෑ. ඒ ඇයි? විශේෂ හේතුවක් තියෙනවා. ආණ්ඩුව සහ දේශපාලකයන් කරන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම. මොනවටද බදු ගහන්නේ, මොනවටද සහන දෙන්නේ. ඒවයි ආර්ථිකය. සමහර විට අස්ථායි වෙන්න පුළුවන්. මහ බැංකු පනතේ 05 වන වගන්තියේ කියනවා මහ බැංකුවේ වගකීම තමයි මුල්‍ය ස්ථායිකරණය. ඒ කියන්නේ පොලි අනුපාතය, විනිමය අනුපාතය, උද්ධමනය ස්ථාවරව පවත්වාගෙන යාම සහ මුල්‍ය පද්ධතිය ස්ථායි කරණය. ඒ කියන්නේ බැංකු කඩා වැටෙන්නේ නෑ කියලා ස්ථායි කර ගැනීම. ඒ නිසා තමයි මහ බැංකු අධිපතිවරයාට බලය නැත්තේ වෙන්දේසි කරනවද? සෘජු ක්‍රමයට බාර ගන්නවාද යන්න ප්‍රතිපත්තිමය තිරණ වලට ඇගිලි ගහන්න. ඒක තමයි අර වගන්තිය දාලා නැත්තේ.

මන් මේ කියන කාරණය නීතිමය කාරණයක්, මහ බැංකුවේ සිටින ජේෂ්ඨතම නිළධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය පී එන් වීරසිංහ 2016 ජුලි මාසයේ 07වැනිදා කොප් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරනවා.

කොප් කමිටුවේ සභාපතිතුමා අහනවා නියෝජ්‍ය අධිපතිතුමාගෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න පුළුවන් කාටද? අචාර්ය පී එන් වීරසිංහ මහතා කියනවා තිරණ ගන්න පුළුවන් මුදල් මණ්ඩලයටත් මොකද 2008 වසරේ මුදල් මණ්ඩලය ගත්ත තීරණයක් මේ ගැන තියෙනවා. මේ දෙක මිශ්‍ර කරලා තීරණයක් ගන්න කියලා එතකොට ඒ තීරණය වෙනස් කරනවා නම් කරන්න පුළුවන් මුදල් මණ්ඩලයට පමණයි.

එතකොට සභාපතිතුමා අහනවා මුදල් මණ්ඩලය හැර ඒ ප්‍රතිපත්තිමය තිරණය ගන්න වෙනකාට හරි පුළුවන්ද? අචාර්ය පී එන් වීරසිංහ මහතා කියනවා වෙනත් යෝජනා ගෙන්න එක එක්කෙනාට පුළුවන් පස්සේ අපේ අධිපතිතුමත් කියනවා අපි දැක්කා පස්සේ කාලේක අගමැතිතුමත් කිව්වාය කියලා. එහෙම අගමැති නිර්දේශ කලත් ඒක ක්‍රියාත්මක කරන්න නම් මුදල් මණ්ඩලයේ අනුමැතිය නීතිමය ආකාරයට අවශ්‍ය වෙනවා. මා කලින් කිව්ව කාරණය මගේ මතයක් නෙවෙයි මහ බැංකුවේ සිටින ජේෂ්ඨතම නිළධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය පී එන් වීරසිංහ මහතා සාක්ෂියට කියනවා අගමැතිට එහෙම උපදෙස් දෙන්න අයිතියක් නෑ. බලය තියෙන්නේ මුදල් මණ්ඩලයට පමණයි.

එතකොට නුසුදුස්සෙක් පත් කරලා ඒ වගකීම බාර ගැනීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර සොරුන් ආරක්ෂා කිරීමට උත්සහා දැරීම, වසර එකහාමාරක් පුරා එජාප මන්ත්‍රීන් හොරුන් රකින තැනකට මෙහෙය වීම, තමන්ට කිසිම බලයක් නැති මුල්‍ය ප්‍රතිපත්ති වලට ඇගිලි ගැසීම කියන වරදවල් හතර අගමැතිතුමා කල තිබෙන නිසා තමයි අපි කියන්නේ අගමැතිතුමා බැදුම්කර සිද්ධියේ වගකීම බාරගෙන වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා. නමුත් පා ච රණවක ඇමතිතුමා දැඩි මතයක ඉන්න නිසා අගමැතිතුමා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නෑ කියලා. ගරු ඇමතිතුමාට අභියෝග කරනවා එන්න මා සමග විවාදයකට මම ඔප්පු කරලා පෙන්වනම් අගමැතිතුමා වගකිව යුත්තේ ඇයි කියලා.

පා ච රණවක ඇමතිතුමත් අපි දන්නවා අලපාලු ආර්ථිකය වැනි ගැබුරු ආර්ථික කාරණා සම්බන්ධයෙන් පොත්පත් ලිව්ව ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ප්‍රවීණයෙක්. මගේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම මොකක්ද කියලා මම කියන්නේ නෑ. මොකද අනිත් හැමෝටම වඩා එතුමා මගේ ආර්ථික විද්‍යා පසුබිම පිළිබඳ හොද දැනුමක් තියෙනවා. ඒ නිසා මෙම විවාදය මග හරින්න වෙන හේතු දක්වන්න කිසිම හේතුවක් නෑ. එතුමා මා කිව්ව දේ අභියෝග කල නිසයි මම එතුමට අභියෝග කරන්නේ. පාලු මාධ්‍ය සංදර්ශන වල වලං බිදින්නේ නැතුව එන්න අපිත් එක්ක විවාදයකට අපි ඔබට පහදා දෙන්නම් අගමැතිතුමා ඉල්ලා අස්විය යුත්තේ ඇයි කියලා.

පසුගිය කාලේ මාධ්‍ය වල වැඩි අවධානයක් යොමු වුණේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට බිලියන එකොළහක ලාබයක් ලැබීම. ලංකාවේ තියෙන දැවැන්ත සමාගම් පෙරලා මේ සමාගම් දැවැන්ත ලාබයක් ලැබීම මාධ්‍යයට ප්‍රවෘත්තියක් තමයි. හැබැයි ඒ සමාගමේ ලාභය නෙවෙයි ආණ්ඩුවේ පාඩුව. ඇයි මේ සමාගම මේ ලබන්නේ වසර එකහාමාරක ලාභය. හැබැයි මේ බැදුම්කරය නිකුත් කරලා තියෙන්නේ වසර 30කට. වසර 30 පුරාම මේ අලාභය වෙනවා. ඒවගේම මේ කාරණයේ දී අපි ගණන් හදලා බැලුවා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්ලාල් මැතිතුමා, අචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා ඇතුළු මේ ආර්ථික කේෂ්ත්‍රයේ විද්වතුන් පිරිසක් ගණන් හදලා බැලුවා මෙහි සමස්ථ මුල්‍ය පාඩුව කොපමණද? 8.85% තිබුණු බැදුම්කර වල පොලි අනුපාතය මේ ගණුදෙනුව නිසා 11.76% දක්වා ඉහල නැගුනා. මේ ගණුදෙනුවෙන් විතරක් වුනු පාඩුව බිලියන 8.7ක්. හැබැයි මතක තියා ගන්න එදා ඒ ගනුදෙනුවෙන් ඉහල නැග්ග පොලි අනුපාතය ආයේ පල්ලෙහාට වැටුණේ නෑ. එදයින් පස්සේ මහ බැංකුව විසින් 63 වතාවක් භාණ්ඩාගර බැදුම්කර සහ භාණ්ඩාගර බිල්පත් වෙන්දේසි කරලා තියෙනවා. ආණ්ඩුව දැන් ඒ සෑම එකක්ම ණයට ගන්නේ අඩු පොලියට නෙවෙයි වෙළදපොල තුල කෘතිමව නැග්ගවූ වැඩි පොලී අනුපාතයට. මේ 63න් වතාවේම කොච්චරක්ද කියලා බලද්දි සමහර ඒවා මාස 03 භාණ්ඩාගර බිල්පත් සමහර ඒවා අවුරුදු 30 භාණ්ඩාගර බැදුම්කර. මේ සියල්ලේම කාලය පිරෙන කොට 2015 දෙසැම්බර් 31 දක්වා නිකුත් වුනු 63න් වෙච්ච පාඩුව පමණක් බිලියන 1554යි. ත්‍රිලියන 1.6ක්. මෙවැනි පාඩුවක් මගේ දැනුමේ හැටියට ලෝක ඉතිහාසයේ කෙහෙන්වත් වාර්තා වෙන්නේ නෑ. මීට වඩා හොද ඔස්තාර් කෙනෙක් ඉදලා තියෙනවා කියලා අපිවත් දැනුම්වත් කරන්න කියලා මේක රකින්න අදටත් කතා කරන ආණ්ඩුවේ ඇමතිවරුන් ගෙන් අපි ඉල්ලීමක් කරනවා.

මේ අපි කිව්වේ ආණ්ඩුවේ පාඩුව. දැන් ආණ්ඩුව ගත්තොත් 2013 වසරේ ආණ්ඩුව ගෙව්ව පොලිය බිලියන 463ක්. 2014 ඒක 446 දක්වා බිලියන 17කින් අඩු වුණා. එතකොට අපේ ආණ්ඩුවේ ප්‍රවනතාව වුණේ ආණ්ඩුවෙන් සමුගන්න කොට වාර්ෂිකව ගෙවන ණය පොලිය, පොලි බර අඩු කරමින් ඇවිල්ලා ඉන්නේ. අපි අඩුකරගෙන ආපු පොලිය අඩු කරගැනීම මේ මහ බැංකු බැදුම්කර වංචාවෙන් පොලිය ඉහල නැගිමේ ප්‍රතිපලයක් විදිහට 2015 වසරේ පමණක් බිලියන 64කින් රාජ්‍ය ණය පොලිය වැඩි වෙලා තියෙනවා. දැන් මේ බිලියන 64 හොයා ගන්න ඕනේ. දැන් 2016 වන විට ඒක බිලියන 100ක් වෙලා තියෙනවා. ඒ නිසා අද මේ අයට සිද්ධ වෙලා තියෙනවා වැඩි වැඩියෙන් බදු ගහන්න. රාජපක්ෂ ණය වලට ගෙවන්න කියමින් අද මේ අය වැට් බදු හදුන්වා දීලා අහිංසක දුප්පත් ජනතාවගේ ඊරිමාංශ හුරාගෙන කන්නේ මේ මහබැංකු වංචාවෙන් ඇතිවුණු වැඩි ණය පොලිය ගෙවා ගන්නයි. පොලිය විතරක් නෙවෙයි අද ජනතාවගෙන් ඇහුවොත් දැන් අවුරුදු 2කට වඩා ලිසීං වල වාරිකය වැඩියිනේද? බැංකු අයිරාවක පොලිය වැඩිවෙලා නේද? නිවාස ණයක් ගන්න ගියාම වෙනදට වඩා පොලිය වැඩි වෙලා නේද? මේ සියල්ල වැඩි වුණේ මේ වංචාව නිසා. ඒකට හේතුව තමයි බැංකුවක් අඩුවෙන්ම පොලියට ණය දෙන්නේ ආණ්ඩුවට හේතුව ආණ්ඩුවක් බංකොලොත්වෙන්නේ නෑ ආණ්ඩුව තමයි සල්ලි අච්චු ගහන්නේ. ගෙවන්න තියෙනවා නම් වැඩියෙන් අච්චු ගහලා ගෙවන එකයි තියෙන්නේ. ආණ්ඩුවට දෙන ණය තමයි අවදානම් අඩුම ණය. ඊට පස්සේ තමයි පොලිය ටිකෙන් ටික වැඩිවෙන්නේ. ආණ්ඩුවට ණය දෙන පොලිය කෘතිම ලෙස ඉහල ගියාම බැංකු අනෙක් අයට දෙන ණය පොලිය අනුපාතිකව වැඩිවෙනවා. අනිත් අයට දෙනකොට අවදානම වැඩි නිසා වැඩි පොළියක් අයකරන නිසා. හොයලා බලන්න 2013ට වඩා දැන් බැංකුවෙන් ලිසිං කම්පනියෙන් අය කරන ණය පොලිය වැඩිද කියලා.

වි‍ශේෂ කාරණයක් කියන්න ඕනේ නීතිමය කාරණයක් ආණ්ඩුවෙන් තර්කයක් ගේනවා අර්ජුන් ඇලෝසියස් මේකට වගකියන්න ඕනේ නෑ කියලා. මහ බැංකු අධිපති ධුරයට ඔහු පත්වෙන්නේ 2015 ජනවාරි මාසයේ 26. අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන් 2015 ජනවාරි 16 වැනිදා ඉවත් වෙනවා. ඔය ගණුදෙනුව වෙන කාලේ මම හිටියේ නෑ මාව අත්අඩංගුවට ගන්න ඕනේ කියා එක එක්කෙනා කියලා තියෙනවා. මම ඕවට නෑ කියලා. අර්ජුන් ඇලෝසියස් වෙබ් අඩවිවලට කියලා තියෙනවා. මේ සම්බන්දව සුප්‍රකට නඩුවක් තියෙනවා අපි සමාගම් නීතිය ඉගෙන ගද්දි දෙවැනි ලෝක යුද්ධ කාලේ 1944 එංගලන්තය තහනම් කරලා තිබුණා ජර්මන් සමාගම් වලට ව්‍යාපාර කරන්න. ජර්මන් ව්‍යාපාරිකයන් මොකද කලේ අදුරණ ඉංග්‍රිසි ජාතිකයන්ට කිව්වා ඔයාලා සල්ලි දාලා ව්‍යාපාර පටන්ගෙන අපේ බඩුටික විකුණන්න. මේ සම්බන්දව නඩුවක් පැවැරුවා උසාවියේ. ව්‍යාපාරයේ සියළු දෙනාම ඉංග්‍රිසින් නිසා මේක ජර්මන් කියන්න බෑ කියලා තර්ක කලා. උසාවිය තීරණය කලා නෑ මුණ වසා සිටින රෙදි කඩ අයින් කරලා රෙදි කඩ ඇතුලේ සැගවී සිටින්නේ කවුද කියලා බලන්න උසාවියට අයිතියක් තියෙනවා. ඒ නිසා ලංකාවේ නීතියටත් ඒක අදාලයි. ඒ ඉංග්‍රිසි නඩු තින්දු ලංකාවෙත් භාවිතා කරනවා. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුණත් ඔහු අධ්‍යක්ෂ ධුරයක් දරන පර්පෙචුවල් හොල්ඩින් සිල්ප් ලිමිටඩ් සමාගමට තමයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අයිති. මේ වංචාවේ ලොකුම කුට්ටිය යන පුද්ගලයා තමයි අර්ජුන් ඇලෝසියස්. ඒ නිසා අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බධාවක් නෑ. නීතිපතිතුමනි ඔබ ව්‍යාකුල වෙලා වසර එකහාමාරක් කල්පනා කරන බව පේනවා. අපි නොමිලේ නීති උපදෙස් ලබා දෙන්න අපි සුදානම් කියලා නීතිපතිතුමාට සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7229164064118119715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item