හිලරි වෙනුවෙන් පොල් ගැසූ අයට එලොව පොල් පෙනිලා

හිලරි ක්ලින්ටන්ට ඇමෙරිකානු ජනපතිවරණ ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් උතුරේ දෙමළ ජනතාව පොල් ගැසූ බව ආර්.ටී. පුවත් සේවය සිහිපත් කරයි. ...

හිලරි ක්ලින්ටන්ට ඇමෙරිකානු ජනපතිවරණ ජයග්‍රහණය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් උතුරේ දෙමළ ජනතාව පොල් ගැසූ බව ආර්.ටී. පුවත් සේවය සිහිපත් කරයි.

උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් සහ උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සෂිදරන් පසුගිය 02දා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේදී හිලරි වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වීය.

එහිදී, හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් පොල් 1008ක් ගසමින් මෙම දේව පූජාව පවත්වා තිබුණු බවද ආර්.ටී. පුවත් සේවය සිහිපත් කරයි.

එදින මෙම දේව පූජාව සංවිධානය කළ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් පවසා තිබුණේ, දෙමළ ජනතාවගේ ගැටලු කෙරෙහි හිලරි ක්ලින්ටන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ක්ලින්ටන් ජයග්‍රහණය කළහොත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එබැවින් හිලරිගේ ජයග්‍රහණය පතා දේව පූජාවක් පැවැත්වූ බවත් හෙතෙම පවසා තිබුණි.

කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරිගේ පරාජයෙන් පසුව මන්ත්‍රීවරයා සිය මතය වෙනස්කර ඇති බවද මේ වනවිට දැනගන්නට ලැබේ.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසුව මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවයි.

එමෙන්ම, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකාවේ සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසා තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 543090613711556337

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item