ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු අසූචි වලක ලැග්ග ඌරෝ වගේ. රටම ගද ගස්සනවා

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අසූචි වලක ලැග සිටින ඌරන් මෙන් බවත්, රටම ගදගස්සන බවත්, ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලි...

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් අසූචි වලක ලැග සිටින ඌරන් මෙන් බවත්, රටම ගදගස්සන බවත්, ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව රැකගැනීම සදහා විලි ලැජ්ජාවකින් තොරව ඔවුන් කටයුතු කරමින් සිටින බවයි. ඉදිරි ඕනෑම මැතිවරණයකදී මෙවැනි අයට ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයිද රණතුංග විශ්වාසය පල කරයි.

ජී.එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන ලෙස තමන් ඇතුඵ ඒකාබද්ධ විපක්‍ෂයට ආරාධන ලැබ ඇ තැයි පැවසූ රණතුංග මහතා මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙෂ ඉදිරියේදී තීරණයක් ගන්න බවද ස`දහන් කරයි.

ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා අද(29) පෙරවරුවේ උඩුගම්පල සිය කාර්යාලයේදී පැවති රැස්වීමකදී මේ බව සදහන් කලේය. වර්ථමාණ දේශපාලන තත්වය දැණුවත් කිරීම සදහා රැස්වීම කැදවා තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

‘අද මේ ආණ්ඩුවට විරුද්ධව නව ජාතික බලවේගය ගොඩනැගෙමින් තිබෙනවා. ආණ්ඩුව දන්නවා මේ ආරම්භ වෙලා තියන්නේ ඔවුන්ගේ ගමනක අවසානය කියලා. ඒ නිසා තමයි ඔවුන් ගොඩනැගෙන ජාතික බලවේගයට විරුද්ධව අවලාද නගන්නේ. ඔය අවලාද නගන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු 2015.ජනවාරි 08 වෙනිදා මහින්දව පරද්දන්න වක‍්‍රව කටයුතු කල අයයි. ඒ නිසා තමයි ජනවාරි 08 වෙනිදයින් පස්සේ ඔවුන් ප‍්‍රසිද්දියේම යහ පාලන ආණ්ඩුවට එකතු වෙලා අප්පච්චි මලා යයි කියමින් සිරිසේන ජනාධිපතිවරයා ලගට යන්නේ. ඒ අයව අගෝස්තු 17 වෙනිදා ජනතාව ප‍්‍රතික්‍ෂ්ප කලත්, වක‍්‍රව ජනාධිපතිවරණයේදී සිරිසේන මහත්තයට උදව් කරපු හින්දා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් ඇමතිකන් දෙන්නත් කටයුතු කෙරුණා. ඒ තනතුරු ගත්ත උදවියට පැවරිලා තියන ප‍්‍රධාන කාර්යයක් තමයි මහින්ද මහත්තයාටත් අපටත් මඩ ගැසීම ඒ අය හරියට අසූචි වලක ලැගලා ඉන්න ඌරෝ වගෙයි. ඔවුන්ට තමන්ගේ ගද දැනෙන්නේ නෑ. තමන් ලැගලා ඉන්න තැන ගද දැනෙන්නෙත් නෑ. හැබැයි රටම ගදගස්සනවා.

ආණ්ඩුවට කත් අදින උදවිය දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිය කරලා ඉවරයි. ගමේ ශ‍්‍රී ලංකා කාරයාගේ කොන්ද කඩලා ඔවුන්ව මානසිකව බිද වැට්ටුවේ අපේ පක්‍ෂයේ වර්ථමාණ සභාපතිවරයා ඇතුඵ ¥රධාරීන්. මේ පක්‍ෂය අද තියන අවාසනාවන්ත තත්වයට පත් කලේ ඔවුන් ඇත්ත ශ‍්‍රී ලංකා කාරයෝ කවදාවත් අපේ පක්‍ෂයට ඔවුන් කරපු දේට සමාව දෙන්නේ නෑ. ජනාධිපති සිරිසේන මහත්තයා කියමින් යනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න කටයුතු කරනවලූ පක්‍ෂය පරාජය කරපු කෙනාමේ කියන කථා සැබෑ ශ‍්‍රී ලංකා කාරයෝ විශ්වාස කරන්නේ නෑ. සිරිසේන මහත්තයට ශ‍්‍රීලනිපය දිනවන්න ඇත්ත උවමනාවක් තියනවානම් ඔහු මහින්ද මහත්තයත් එක්ක සංහි`දියාවකට එලභිය යුතුයි. මොකද ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක නිසයි. ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශ සත්භාවයෙන් කල ප‍්‍රකාෂ ලෙස අප ගණන් නොගන්නේ එවැනි සංහි`දියාවක් ඇති කර ගන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා යැයි. අපට නොදැනෙන නිසයි. එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක දීග ඛන ගමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්නේ කොහොමද. ඇත්තටම එහෙම උවමනාවක් තියනවානම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වහා ආණ්ඩුවෙන් බවත් විය යුතුයි.

දැන් අඵත් ජනතා බලවේගය ගොඩ නැගෙමින් තිබෙනවා. ගමේ ශ‍්‍රී ලංකා කාරයෝ බුරුතු පිටින් මේ අඵත් පක්‍ෂයට බැදෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි.ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පිළිබද ඇති කලකිරීම නිසයි. ඒ නිසා ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු මේ නව ජනතා බලවේගය ජයග‍්‍රාහණය කරන බව ස්ථිරයි. අඵතින් බිහි වෙලා තියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනට එක් වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපටත් ආරාධනා කර තිබෙනවා. ජනතාවත් අපිට කියනවා මේ අඵත් පක්‍ෂයට යන්න කියලා. මහින්ද මහත්තයාට මේ අඵත් පක්‍ෂයේ නැයකත්වය ගන්න කියලත් ජනතාව කියනවා. අපි මේ පක්‍ෂයට එකතු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විදියට කණ්ඩායමත් ලෙයසි. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා ගනු ලබන තීන්දුව දෙසද අපි අවධානයෙන් සිටිනවා. ඉතා ඉක්මනින් ඒකාබද්ධ විපක්‍ෂයේ අපිට මේ පිළිබද තීරණයක් ගන්න වෙයි.”

– ප‍්‍රදීප් අනුර කුමාර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5988224495765235788

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item