ආබාධිත රණවිරුවන්ට පහරදීමත් වරදක් - ආබාධිතයන් උසිගැන්වීමත් වරදක්

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම ගැන සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම ගැන සොයා බලන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර නියෝග 23 (2) යටතේ ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ඒ පිළිබඳ හෙට දිනයේදී ප්‍රකාශයක් සිදුකරන බවයි.

එසේම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබාදීමට රජය කටයුතු කර තිබියදී මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින් ගැන සොයාබලන බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.

"මේ පිළිබඳව සාකච්ඡාවක් තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ ඉල්ලීම් සියල්ලම දුන්නාට පස්සේ කොහොමද මෙය සිදු වුණේ කියලා සොයා බලන්නට තිබෙනවා.ආබාධිතයන්ට පහරදීම වරදක් වගේම,ආබාධිතයන් උසි ගන්වා ඒ මුවාවෙන් ඇවිත් ප්‍රශ්න ඇති කිරීමත් වරදක්" බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6850548109099536857

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item