පුපුරණ ද්‍රව්‍ය පිරවූ සැමන් ටින් දෙකක් නුවර වැවේ

පුපුරණ ද්‍රව්‍යය යොදා සකස් කළ සැමන් ටින් දෙකක් හා ජීව උණ්ඩයක් මහනුවර වැවේ වැව් සොරොව්ව අසල තිබී ඊයේ (22දා) සවස සොයාගත් බව මහනුවර පොලීසිය ප...

පුපුරණ ද්‍රව්‍යය යොදා සකස් කළ සැමන් ටින් දෙකක් හා ජීව උණ්ඩයක් මහනුවර වැවේ වැව් සොරොව්ව අසල තිබී ඊයේ (22දා) සවස සොයාගත් බව මහනුවර පොලීසිය පවසයි.

සොරොව්ව ආසන්නයේ පවිත්‍රතා කටයුතුවල නිරතව සිටි කම්කරුවන් දෙදෙනකු මෙම පුපුරණ ද්‍රව්‍යය හා ජීව උණ්ඩය තිබෙන අයුරු දැක ඒ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව මහනුවර පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙම බෝම්බ නිශ්ක්‍රීය කිරීමට අදාළ ස්ථානයට ඊයේ (22දා) පස්වරුවේ සිට පොලිස් ආරක්ෂාව යෙදවීමට මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පියවර ගෙන තිබූ අතර, මෙම පුපුරණ ද්‍රව්‍යය යෙදූ සැමන් ටින් වැවේ මසුන් මැරීම සඳහා යොදා ගැනීම සඳහා සකස් කළ ඒවා බවට පොලීසිය සැකකරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 362796206000919207

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item