අර්ජුන වැරදිකරුවකු කළේ මාධ්‍යයෙන් - ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කළ පුද්ගලයකුට කෝප් කමිටුවෙන් තීන්දුවක්‌ දිය නොහැකි බවත් අර්ජුන මහේන්ද්‍රන් වැරදික...

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කළ පුද්ගලයකුට කෝප් කමිටුවෙන් තීන්දුවක්‌ දිය නොහැකි බවත් අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරුවකු කළේ මාධ්‍යයෙන් බවත් සභානායක මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

නාවලපිටිය ආසනයට අයත් කාපට්‌ කරන ලද ගම්පොළ වෙල හරහා මාලිගාපුරණ මාර්ගය විවෘත කිරීමේ උත්සවයට එක්‌වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.

මෙම උත්සවය අවස්‌ථාවේ තවදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේද කීවේය. අද පවතින මාධ්‍ය සංස්‌කෘතිය ගැන කියනවා නම් එය ක්‍රියාකරන්නේ නිශ්චිත නිගමනයක්‌ එන්න කලින් ඒ ගැන පුන පුනා කියමින් එම පුද්ගලයා මාධ්‍යයෙන් වැරදිකරයෙක්‌ කරනවා. කවුරුහරි වේදිකාවට ගොඩ වෙලා මොනව හරි කීවාම ඒක මාධ්‍යයෙන් දාන්නේ හරිද වැරදිද කියලාවත් බලන්නේ නැතිව.

හැමදාම කෝප් කමිටු සාකච්ඡා තියලා මෙකෙ සාමාජිකයන් පුවත්පත් සාකච්ඡා තියෙනවා. ඉන් පස්‌සේ කියනවා අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරයා කියලා කියනවා.එයා තමයි මේ මගඩියේ ඉන්නේ කියලත් කියනවා. මේ විදිහට පුවත්පත් සාකච්ඡා 15 ක්‌ තියලා තියෙනවා. මම ඒවා නීතිපතිට යවනවා.

පූර්ණ නිගමනයක්‌ ඇතිව තමයි මේ සාකච්ඡා තියලා මෙයා වැරදිකාරයා කියලා තියෙන්නේ. ඒවගේම මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදහස්‌ කරලා ඒ අනුව ශ්‍රෝෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කළ අයකුට කෝප් කමිටුවෙන් තීන්දුවක්‌ දෙන්න බැහැ.

ජී.එල්. පීරිස්‌ මහතා කියනවා අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න කියලා. ඒ කියන්නේ එතුමා නීති විශාරදයෙක්‌ වුණාට නීsතිය දන්නේ නෑ කියන එකයි. .මොකද එක දවසක්‌වත් මෙයා උසාවියට අඩිය තියලා නෑ. කෙනෙක්‌ අත්අඩංගුවට ගන්නවා නම් නඩුවක්‌ පවරන්න අවශ්‍යයි. ඒක ඕනෑම දරුවෙක්‌ පවා දන්නවා. ඒත් ජී.එල් දන්නේ නෑ.

ඉතින් මෙයා තමයි අද මල් පොහොට්‌ටුවේ සභාපති කරලා තිබෙන්නේ.

අද රූපවාහිනි නාලිකා බැලුවොත් මේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මට බනිනවා. අගමැතිතුමාට බනිනවා. මම අගමැතිතුමා වෙනුවෙන් කතා කරන නිසා මගෙත් එක්‌ක මේ අය විශාල වෛරයක්‌ තියෙනවා.

හැබැයි අපිට මෙහෙම බනින අය පිරිසිදු අය නෙවෙයි. ඒ අය තමයි පසුගිය කාලයේ බැංකු කැඩුවේ ඔවුන් තමයි මිනි මැරුවේ. මංකොල්ල කෑවේ, ඡන්ද පොළේ අයට වෙඩි තිබ්බේ මේ අය තමයි අපට බනින්නේ. හොඳ පිරිසිදු අය බැන්නත් කමක්‌ නෑ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2450434955350930507

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item