දුම්රිය අනතුරක් වැළකෙයි ජීවිත පහක් බේරෙයි

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර දුම්රිය ස්ථානය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (28දා) සවස 6.40ට පමණ දුම්රියක මෝටර් රථයක් ගැටී අනතුරට ලක...

උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර දුම්රිය ස්ථානය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (28දා) සවස 6.40ට පමණ දුම්රියක මෝටර් රථයක් ගැටී අනතුරට ලක්විය.

කෙසේ වෙතත් මෝටර් රථයේ ගමන්ගත් අවුරුදු 5 සහ 6 වයස්වල පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකුගේ ජීවිතවලට මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදුව නොමැත.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය උඩුවර දුම්රිය ස්ථානයේ නතර කි‍රීම සඳහා වේගය අඩු කරනවාත් සමගම නොපෙනෙන වංගුවක් හා කඳුගැටයක් සහිත හරස් මාර්ගයෙන් පැමිණි මෝටර් රථය දුම්රියේ කොනක ගැටී ඇතැයි හාලිඇල පොලීසිය පවසයි.

මෙම ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් ලබාදෙන්නැයි දිගුකාලයකට සිට ඉල්ලීම් කළද මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව හා වගකිවයුතු දේශාපාලඥයන් ඊට පියවර ගෙන නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7078394744500544496

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item